හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීම : නීතීඥයකු අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව නීතීඥවරයකු සැකපිට අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී ය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවත් ඔහු විසින් සිදුකර තිබෙන්නේ තුසිත හල්ලොලුව නමැත්තාට නීතිඥවරයෙකු වශයෙන් වෘත්තීය සේවාව සැපයීම පමණක් බවත්, ඔහු කිසිදු අපරාධ ක්‍රියාවකට සම්බන්ධ නොමැති බවත් ප්‍රකාශ කර ඇත.

දෙපාර්ශවයම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය, එම නීතීඥවරයා සැකපිට අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් දින 14කට බලපැවැත්වෙන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...