ලොව විශාලතම අයිස් කන්ද වසර 40කට පසු වේගයෙන් බිඳී යමින් පවතියි

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මෙතෙක් වාර්තා වී ඇති පැරණිතම සහ විශාලතම අයිස් කන්ද වශයෙන් ශ්‍රේණිගත කර ඇති A23a අයිස් කන්ද වේගයෙන් ඉතා විශාල කැබලි කිහිපයකට බිඳී යමින් පවතින බව බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණයේ (BAS) විද්‍යාඥයින් පවසා තිබේ.

මෙම අයිස් කන්ද වසර 40කට වඩා පැරණි බව හඳුනාගෙන ඇති අතර මෙහි විශාලත්වය ටොන් ට්‍රිලියනයකට වඩා අඩු බරකින් යුක්ත වූ අතර එය මහා ලන්ඩනයේ ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා විශාල විය.

අයිස් කන්ද මේ වන විට දකුණු ජෝර්ජියාවේ නැගෙනහිර සහ උතුරට ගමන් කරමින් පවතින අතර වසර ගණනාවක් මුහුදු පත්ලේ සිරවී තිබුණත් පසුව 2020 දී චලනය වීමට පටන් ගෙන ගෙන ඇති අතර වැඩි වැඩියෙන් උණුසුම් ජලයට නිරාවරණය වීම හා වේගවත් රළ පහර හේතුවෙන් වේගයෙන් විසිර යමින් ඇත.

මෙම බිඳවැටීමත් සමඟ යනු ලොව විශාලතම අයිස් කුට්ටියේ කිරුළ දැන් වර්ග කිලෝමීටර් 3,000 ක් (වර්ග සැතපුම් 1,158) පමණ විශාලත්වයකින් යුත් D15a විසින් දරනු ලබන අතර මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාස ඇන්ටාක්ටිකාවේ භයානක වෙනස්කම් ඇති කරන අතර මෙය ඉන් එකකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කප්රුක සමාගමේ මෙහෙයුම් කාර්යසාධන වර්ධනය 2024ට සාපේක්ෂව 94% ක්!

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: 2025 ජුනි 30 අවසන්...

ජල කප්පාදුවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: අද (06) දින කොළඹ...

MCA ප්‍රිමියර් ලීග් සූරතාවය සිංගර් ට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: MCA ක්‍රීඩාංගණයේදී අවසන් වූ...

ඇල්ල බස් ඛේදවාචකයෙන් මිය ගිය අයගේ සිරුරු ඥාතීන්ට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: පසුගියදා ඇල්ල -...