ලෝක බැඩිමින්ටන් ශ්‍රේණිගත කිරීම්වල කාන්තා යුගල දෙකක් ද සියයෙන් මෙපිටට

Date:

සටහන – නිශ්මං රණසිංහ 

සැප්තැම්බර් 04, කොළඹ LNW:  ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩාවේ රොහාන් ද සිල්වා සමය ඉදරියට අඛන්ඩව ක්‍රියාත්මක කිරීමේ උවමනාව මේ මොහොතේ ලෝකයට සාපේක්ෂව ලාංකේය බැඩිමින්ටන් ක්‍රීඩාවට ලැබෙන සංඛ්‍යාත්මක ඇගයීම් මත දැනෙමින් ඇත.ලෝකයට විවර වන්නට ලැබුණු එම අවස්ථාවන් තුළින් මේ වන විට විරෙන් නෙත්තසිංහ සහ රනිත්මා ලියනගේ කියන ලාංකේය ක්‍රීඩා පෞරුෂ දෙක දෙස ලෝකයේම යම් අවධානයක් හිමිව තිබෙන අතර කාන්තා යුගල බැඩිමින්ටන් ක්‍රීඩිකාවන් වර්ගීකරණයේදී ද ශ්‍රී ලංකා කාන්තා බැඩිමින්ටන් යුගල දෙකක් සිටින්නේ ලෝක ශ්‍රේණිගත කිරිම්වල මුල් සියය තුළය.

ඒ අනුව 96 වන තැන හසින් අම්බලන්ගොඩ සහ හසාරා විජයරත්න රැඳී සිටින අතර 99 වන තැන සිටින්නේ ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා ය.මේ අතරින් ඉසුරි සහ සිතුමි ලෝක කණිෂ්ඨ කාන්තා යුගලයන් අතර 54 වන තැනට ද ශ්‍රේණිගතව සිටීම කැපී පෙනෙයි.තවමත් දෙදෙනාම අවුරුදු 16 ක ක්‍රීඩිකාවන් බැවින් තවත් වසර තුනක් පමණ කණිෂ්ඨ අංශයේම රැඳිය හැකිව තිබියදී මේ ආකාරයෙන් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ දෙ‘අංශයෙන්ම ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරට පැමිණිම ලාංකේය බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අනාගතය ගැන සුබ නිමිත්තක්ය.

මේ වන විට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩාවේ ප්‍රධාන පරිපාලකයා නොවුණ ද රොහාන් ද සිල්වා එහි බර දරන ප්‍රධාන අර්ථපතියාව එහි නැඟීම වෙනුවෙන් දෙනු ලබන භෞතික ශක්තිය සුළු එකක් නොවන අතර මේ ක්‍රියාවලිය ලාංකේය බැඩ්මින්ටන් ක්‍රීඩාව සමග නොනවත්වා තව වසර 10 ක් වත් පවත්වාගෙන යාමට පාලකයා සහ අනුග්‍රාහකයා අතර තිබෙන අනොන්‍යය අවබෝධය නොබිදී පැවතුණහොත් එය ලාංකේය බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අනාගතය ජාත්‍යන්තර මට්ටමෙන් වඩා ඉහළ තැනෙක රඳවනු සැක නැත.

ඡායාරූපවල දැක්වෙන්නේ කාන්තා විවෘත ශ්‍රේණිගත කිරීම්වල මුල් සියයට පැමිණෙමින් සහ කණිෂ්ඨ යුගල ශ්‍රේණිගත කිරීම්වල 54 වන තැනට පැමිණෙමින් දක්ෂතා දක්වන 16 හැවිරිදි ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කප්රුක සමාගමේ මෙහෙයුම් කාර්යසාධන වර්ධනය 2024ට සාපේක්ෂව 94% ක්!

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: 2025 ජුනි 30 අවසන්...

ජල කප්පාදුවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: අද (06) දින කොළඹ...

MCA ප්‍රිමියර් ලීග් සූරතාවය සිංගර් ට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: MCA ක්‍රීඩාංගණයේදී අවසන් වූ...

ඇල්ල බස් ඛේදවාචකයෙන් මිය ගිය අයගේ සිරුරු ඥාතීන්ට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: පසුගියදා ඇල්ල -...