හෙල්ලෙන් ලොව තරණය කරන තරංගට ජනකගෙන් හරි එල්ලය ගන්න හෙල්ලක්

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 04, කොළඹ LNW:

රුමේෂ් තරංග ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව සතු ප්‍රධානතම ඔලිම්පික් බලාපොරොත්තුවයි.ඔහු ගැන අනාගත සැළසුම් කවරේද යන්න පිළිබදව වගකිවයුත්තන්ගේ නිවේදන ඡායාරූප සහිත වචන කෝටියක් විතර ඇහෙනවා.ලියවෙනවා. ඒත් ටොරිංටන් පිටියේදී එහෙම කැමරාවලට හසු නොවුණ රුමේෂ් තරංග වෙනුවෙන් විය යුතු වැදගත්ම දෙයක් ක්‍රියාපදයක් හැටියට සිඳුවන අයුරු දැක ගන්නට ලැබුණා.


ඒක නිල නොවන පටිගත කිරීමක් කරන්නෙ අතීතයේ ශ්‍රී ලංකාවේ බාධක දිවීමේ සූරයෙක්ව සිටි,වර්ථමානයේ දක්ෂ පුහුණුකරුවෙක්ව කටයුතු කරන ප්‍රියන්ත තන්ත්‍රිගේයි.මේ අදහස ක්‍රියාපදයක් කරන්නට මැදිහත්වන්නේ ඔලිම්පික් දක්වා ගිය ක්‍රීඩකයෙකු වන සහ වර්ථමානයේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන හරිජන් රත්නායකයි. වචන කෝටියක් විතර සෙළවෙන පරිසරයක මේ සැබෑ ක්‍රියාපදය ලියැවෙන්නෙ කොළඹ රාජකීය විද්‍යාලීයආදි සිසුවෙකු මෙන්ම වර්ථමානයේ වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන ජානක ජයකොඩි අතින්.ඔහුගේ දියණිය මියුසියස් විද්‍යාලයේ මලල ක්‍රීඩාවට සම්බන්ධවීම සහ ඇයගේ පුහුණුකරු හරිජන් රත්නායක විම පමණක් පදනම් කරගෙන රටේ මලල ක්‍රීඩාව ගැන මෙන්ම රට ජාත්‍යන්තරයේ බැබලෙනු දැකීමට හදවතින්ම ආශා කරන පුරවැසියෙකු ලෙස ඊට දායකවීමට ඇති කැමත්ත පදනම් කරගෙන ජානක කරන මේ පරිත්‍යාගයේ වටිනාකම තන්ත්‍රිගේ අතින් කියැවෙන්නෙ ලක්ෂ හතර හමාරක් හැටියටයි.ඒත් එහි ඇත්ත වටිනාකම ලක්ෂ පහ හමාර ඉක්මවා යන බවයි පසුව දැනගන්නට ලැබෙන්නෙ. හෙල්ලට වටිනාකමක් තියෙනවා.ඒත් මේ පරිත්‍යාගයට වටිනාකමක් කිව නොහැකියි.


කැමරාවල පටිගතව අහෙන හඬවල්,කඩදාසි මත ලියැවෙන අකුරුවලන් දිනපතාම ක්‍රීඩාව නංවන්න දෙන මහා පරිමාන වචන,සංකල්ප සමඟ සිහින බෙදා හරින මොහොතක,ඇත්තටම පිට්ටනියෙ දුක දකින,ඒවා දැනෙන සහ විඳින ආදරණීය මිනිස්සු තමන්ගේ උපරිමයෙන් ඒ විඳවන කරුණු රටේ ජනතාවට විඳින්න පුළුවන් ජයග්‍රහණ කළ හැකි දක්ෂයන්ට නැඟෙන්නට සවියක් වීම තමයි ජනකගේ පරිත්‍යාගය තුළින් කියවෙන්නෙ.එය එවැනි තවත් මිනිසුන්ට උපහාරයක් මෙන්ම පෙරට එන්නට ශක්තියක්ද වෙනු ඇති.


සමහර විට මේ පරිත්‍යාගයෙන් ලැබෙන හෙල්ලයත්,ජනකත්,තරංගත් ප්‍රභූ සිහිනයේ සිටින පිරිස් තමන් වෙත කැඳවා හෙල්ල අත ගා බලා ඊට දායක වෙන්නටත් උත්සාහ කළ හැකියි.ඒ තැන්වල මේ අහිංසක කැමරාගත කිරිමේ උත්සාහයට වඩා විශාල ලෙස කැමරා එළි දැල්වෙන්නත් හැකියි.ඒත් ජනකගේ හදවතේ ඇති පරිත්‍යාගශීලී දීප්තිය ඒ කිසිවක ආලෝකයෙන් දෙවැනි කළ නොහැකියි.අපි ඔහුට හදවතින්ම ආශිර්වාද කරන්නෙමු.
https://youtube.com/shorts/XC9HBDU4oTM?feature=share


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ ඉඩමේ තිබී අත්බෝම්බ සහ උණ්ඩ හමුවෙලා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ...

සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක් සහිතව , වසර...

වෙනිසියුලාවට එරෙහිව F-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ට්‍රම්ප් නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව හා...

පන්ජාබය එකම ජලාශයක් බවට පත්වේ; ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දින ගණනාවක්...