අපරාධ මඩින්න සිවිල් කාර්ය බළකායෙන් 20,000ක් පොලීසියට!

Date:

කොළඹ LNW:අපරාධ මැඩලීම සහ පොලීසියට සහයක් වශයෙන් සිවිල් කාර්ය බළකායේ නිලධාරීන් විසිදාහක් පමණ පොලීසිය සඳහා එක් කිරීමට බලාපොරොත්තු වෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසුවේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

තැනින් තැන වෙඩි සද්ද ඇසෙනුයේ පාතාල පාතාල කල්ලි අතර කලබල වීමක් පවතින නිසා යැයි ද වටගල මහතා කියාසිටියි.

”තැනින් තැන වෙන වෙඩි සහ ජාතික ආරක්ෂාව අතර සම්බන්ධයක් නැහැ. ඔය වෙඩි තැබීම්වල මැරෙන්නේ පාතාල කලින් සාමාජිකයෙන් හෝ එයට සම්බන්ධ වූ පුද්ගලයෙක් මහජනතාව නෙවෙයි. කවුරු වුණත් අපි නීතිය ක්‍රියාත්මක කරනවා. දේශපාලන මිතුරුකම් නිසා පාතාලය හිස ඔසවා තිබුණා. අපේ රජයේ පාතාලයට කිසිම මැදිහත්වීමක් නැති නිසා අපිට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපිට කෙඳිරි සද්දෙත් ඇහෙනවා. මන්ත්‍රීවරයෙක් හාමුදුරුවෝ කෙනෙක්ට ගිහින් කියනවා අපි පරණ නඩු ආයෙත් අදිනවාලු. එහෙම මන්ත්‍රීතුමාගේ පක්ෂයේ නාගරික මන්ත්‍රීවරයෙක් කෙහෙල්බද්දර පද්මෙට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා සම්බන්ධ වෙලා තිබෙනවා.” යනුවෙන් වටගල මහතා තවදුරටත් කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...