වෙනිසියුලාවට එරෙහිව F-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ට්‍රම්ප් නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර ආතතීන් උත්සන්න වන විට වෙනිසියුලාව තුළ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉලක්ක කර ගනිමින් එක්සත් ජනපද F-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානා පුවර්ටෝ රිකෝවට යෙදවීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර ඇති බව වාර්තා වේ.

වොෂින්ටනය විසින් මත්ද්‍රව්‍ය-ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරන ලද ලතින් ඇමරිකානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි මෙහෙයුම්වල කොටසක් ලෙස දියුණු ප්‍රහාරක ජෙට් යානා 10 ක් පුවර්ටෝ රිකෝ හි ගුවන් තොටුපළකට යවන බවයි මෙහිදී එක්සත් ජනපද ආරංචි මාර්ග සඳහන් කරන්නේ,

කෙසේ නමුත් පසුගිය බ්‍රහස්පතින්දා(04) පෙන්ටගනය නිවේදනය කර තිබුණේ, USS ජේසන් ඩන්හැම් අසල පියාසර කිරීම සඳහා F-16 ප්‍රහාරක ගුවන් යානා දෙකක් යැවීමෙන් “ඉතා ප්‍රකෝපකාරී” පියවරක් බවට ප්‍රකාශ කර තිබු අතර ඓන් දිනකට පසු ජනාධිපති ට්‍රම්ප් මෙම F-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට නියෝග කර තිබිණ.

මේවන විට දකුණු කැරිබියන් දූපතේ ඇමරිකානු යුධ නැව් සහ මැරීන් භටයින් විශාල සංඛ්‍යාවක් මෙන්ම න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන වේගවත් ප්‍රහාරක සබ්මැරීනයක් ද වෙනිසියුලානු භෞමික ජලයෙන් පිටත යොදවා ඇති අතර සති ගණනක ඇමරිකානු තර්ජන මධ්‍යයේ වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ සොල්දාදුවන් 340,000 ක් පමණ වන වෙනිසියුලාවේ හමුදාව සහ මිලීෂියා සාමාජිකයින් මේවන විට බලමුලු ගන්වා ඇති අතර වෙනිසියුලාවට පහර දෙන්නේ නම එය වහාම සන්නද්ධ අරගලයක කාල පරිච්ඡේදයකට පිවිසෙනු ඇති බවයි මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ,

වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමරිකා එක්සත් ජනපදය ස්වෛරීභාවයට, සාමයට ඇති අයිතියට, නිදහසට ගරු කළ යුතු බවත්, වෙනිසියුලාව සැමවිටම සංවාද කිරීමට කැමැත්තෙන් සිටින බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...