බැකෝ සමන් සහ තැඹිලි ලහිරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉන්දුනීසියාවේදී අත් අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ පාතාල නායකයින් පස්දෙනා අතරින් දෙදෙනෙකු වන ලහිරු මධුෂාන් නොහොත් තැඹිලි ලහිරු නමැත්තා සහ නිර්මල ප්‍රසංග නොහොත් බැකෝ සමන් නමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත කොළඹ වරාය පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන පිළිබඳ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඕෂද මිගාර මහරච්චි මහතා වෙත මෙම දැනුම්දීම සිදුකර ඇත.

ආරක්ෂක හේතූන් මත ඔවුන්ව වරාය පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කරමින් පවතින බවත් ඔවුන්ට නිකුත් කර ඇති දින 90ක රැඳවුම් නියෝගය අනුව එම රැඳවුම් කාලය දෙසැම්බර් 02 වනදා අවසන් වීමට නියමිත බවත් පොලීසිය දැනුම් දී තිබේ.

ඒ අනුව විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් 10 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසයි මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියම කර ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICC බේරුම්කරණ දකුණු ආසියානු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරයි!

කොළඹ LNW:ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ බේරුම්කරණ(ICC Sri Lanka Arbitration and...

දිවයින පුරා පිහිටි පාසල් විද්‍යාගාර වෙනුවෙන් මිලියන 500ක් වෙන් කරයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 ,කොළඹ LNW : දිවයින පුරා පිහිටි...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මතයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 කොළම LNW : ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත්...

අත්අඩංගුවට ගත් මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...