වංකගිරියක අපේ ජීවිත ….

Date:

අප සමනල් පිහාටු වැනි ජීවිත
වන්දනාවේ යන්න ඉපදී
නමුත් ඒ දුර යන්න බැරිවී
එහෙ මෙහේ යන අතර මගදී
තටු සිඳී අළු හැලී
අතරමං උන !

අප වළාකුළු වැනි දුවන ජීවිත
කුරුළු ඇසකින් ලොව දිහා බලාගෙන
සොඳුරු නිම්න, මිටියාවත් පසුකර
වේදනා බරිත කාන්තාර දැක දැක
කඳු තුඩක වැදී
අතුරුදන් වන !

අප සන්ධ්‍යාව වගේ ජීවිත
දහවල දැවි දැවී වේලී
විඩාවක් ලද යුතුම ඇසිල්ලක
මොහොතක් වත් නවතිනු බැරිව
හාත්පස අඳුරුකරගෙන
රැයක තනි වන !

අප තරු එළි වගේ ජීවිත
ආලෝක වර්ෂ හත අටකට පෙර
දැල්වූ එළියෙන් අද දවස ගෙවාගෙන
කවියන්ට කවි දී, නිවි නිවි
ඔහේ දැල්වෙන !

අප අපවත් නොහඳුණන අඳුරක
ඇලුනු ගැලුනු ජීවිත
අපවත් නොදන්නා එළියක
සිහින දකින ජීවිත
කිසිවෙක් නොදන්නා වංකගිරියක
කිසිවක් නොදැන ඇතුළු වුනු ජීවිත !

~ MKCP ශෂීන්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...