අපි නිධානයක් උඩ හිටගෙන හිඟාකන ජාතියක්ද, නැත්නම් නිකම්ම හිඟාකන ජාතියක්ද ?

Date:

අපි නිධානයක් උඩ ඉඳන් හිගාකන ජාතියක් කියන ප්‍රලාපය යනු මේක ලෝකෙ උතුම්ම රට..අපේ එක තමා හොඳම එක කියන පරණ දේශානුරාගී මිත්‍යාවෙම එක කෑල්ලකි….

මේ මිත්‍යාවෙ එල්ලිලා ඉන්න අය පිටින් එන ආයෝජකයන් පර්යේෂකයො මේ ඔක්කොම දිහා බලන්නෙ අපේ නිධානයට ෂොට් එක දෙන්ට එන නිධන් හොරු විදියට..

රත්නදීප, විජයභූමි,මුතුඇටය මේ ඔක්කොම ප්‍රලාප රාවණා,ගැමුණු අතීත මිත්‍යාවේම අනිත් කෑල්ල..

ලංකාව නිධානයක් වෙන්නෙ කොහොමද … ?

මේකෙ පොලොව යට රන් ආකර නෑ, ප්ලැටිනම් නෑ, ගන්ට පුළුවන් තැන්වල තෙල් නෑ, ගල් අඟුරු නෑ, යකඩ නෑ… පහසුවෙන් ගොඩදාගන්ට පුළුවන් මොකුත් නෑ.

වානිජ වගාවක් කරන්ට පුළුවන් විදිහෙ අක්කර දහස්ගනන්වල ඉඩම් නෑ…

මේකෙ ඉන්නෙ සුද්දා හදලා දීපු රෝහල් පහසුකම් ටික නිසා අකාලෙ මැරෙන්නෙ නැතිව සහ ලෝකෙන් ණය අරන් කාලා සැලැස්මක් නැතිව ළමයි හදලා ප්‍රසාරණය වෙච්ච කෝටි තුනකට කිට්ටු ජනතාවක්..

ගල් ගෙඩියක් උඩ බඩගින්නෙ ඉඳගෙන මහ නිධානයක් උඩ ඉඳගෙන ඉන්නවා කියලා හිතාගෙන ආතල් ගන්න එකත් රාවණා වංශෙ කබල් ගානවා වගේම ගොං ආතල් එකක් තමා ….

  • ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...

ප්‍රදේශ රැසකට වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...