“රුසිරු විය හද බිම්- පිරෙනු නැත- ඔබේ හිස්තැන- මාලිනී“

Date:

සටහන – බන්දුල නානායක්කාරවසම්

සැප්තැම්බර් 12, කොළඹ (LNW):

මාලිනී අක්ක ට මම කිව්වෙ
මයෙ ලොකු අක්ක කියල.
ඈත් එය පිළිගත්ත.


මට අක්කර පහේ දී තමා ඒක දැණුනෙ
“අක්කර පහ “ චිත්‍රපටියෙ ඈ කුමාරි අක්ක

ඉන් පස්සෙ විවිධ කලා කටයුතු වලදි ඈ හමුවුණා
ඔහොම ඉන්දෙද්දි සතිස් අයිය ( එදිරිසිංහ ) “ මාලිනියේ “ ප්‍රසංගය ලියන්න ඇරයුම් කළා.


මාලිනි අක්ක අපේ ලොකු අක්කම තමා කියල නිට්ටාවට දැන ගත්ත !

ලතා වල්පොල මැතිණියගෙ උත්සවයක් දවසෙ ,
“ මෙයාගෙ ලොකු අක්ක නෙ මං “
කියල කාටත් ඈ කීවෙ හැඟීම්බරව

රිදී රැයක් ප්‍රසංගය 1 සහ 2 විතරක් ලිව්වෙ මම.
ඒ ප්‍රසංගයෙදි හාත්පසින් වෙනස් අංග දෙකක් ඈ කළේ
සම්භාව්‍ය සහ වෙළඳ


අන්තිමට කෝ මගේ කිම වුණේ ගීයට ලක් අම්ම වගෙයි ඈ නිරුපණය කළේ.
මාලිනී අක්ක අන්තිමට මා එක්ක වැඩ කළේ
“රවී අඩසියවස “

රවී අය්යගෙ උපහාර ප්‍රසංග යෙ
පෙර පුහුණු හැම එකකටම ඈට එන්න වුණේ නෑ විවිධ පරීක්ෂණ සඳහා ඈ රෝහල්ගත වූ නිසා

උත්සවේ දවසෙ ඈ ආව


හැම වේදනාවක්ම හිතින් දරා , වෙනද හිනාවම ඩෙල්ටා ප්‍රමාණයක් අඩු නැතිව පාමින් ඈ මා මවිතයට පත් කරමින් , නේපත්‍යාගාරෙ පාඩම් කළ දෙබස් අකුරක් අඩු නැතිව ඈත් දෙයක් එකතු කරලා රැජිණක් වගේ යුතුකම ඉටු කළා
ඈ ප්‍රතිස්ථාන ගත කිරීම බොරු !
ඒ බව ගීයේ තියෙනවා

මේ කතාව හරි දිගයි
අන්තිම කෑල්ල කියල ඉවර කරන්නම්

ඇ දේහයට අවසන් ගෞරව දක්වන්න මං ආවෙ මාතර ඉඳන්
වෛද්‍ය හේමන්ත පෙරේරා සහ රෝහණ ධර්මකීර්ති එක්ක යන්න සැලසුම් කළේ . මාර්ග තදබද නිසා තුන් දෙනාට තුන් වෙලාවක යන්න වුණේ . වාහන හිරවූ තැන්වලදී “ මාලිනී , දේහිනී , ප්‍රේමිනී එක්ක
ඡ)යාව අනපායිනී ත් ආව ඔලුවට
මෙව්ව හිතේ තියන් ඇවිත් දේහය ළඟ ඉඳල සෙනඟින් මිදී මම පසෙකට වෙලා ඉඳල තියෙනවා
පොලිස් නිලධාරියෙක් ඇවිත් “ මෙතැන ඉන්න දෙන්නෙ නෑ “ කියනකම් මම දන්නෙ නෑ පෝලිමට අවහිරයක් නොවුණත් මා කෙතරම් වෙලාවක් ඒ සේය්යාවෙන් එහෙම හිටියද කියල.
රෝහණට කතා කළා
“ උඹ එනකල් මම
slbc ඉන්නෙ “
කියල රෝහණ ධර්මකීර්ති කීව.


උදේ ඉඳන් වතුර හෝ නැතුව වගේ හිටි නිසා රෝහණට කීව අසල food court එකකට එන්න කියල.
රෝහණ කීව මාලිනී අක්කට ගීයක් හදමු කියල.
ඔන්න මුල
මම විස්තරේ කීව
ඔහු පුදුම වුණා.
රෝහණ කියන්නෙ දක්ෂ කමේ හැටියට ගරු නම්බු ලබපු කෙනෙක් නෙමේ වාදකයෙක් විදියට වුණත්. කවුරුවත් තවරලා නැති
( touch නොකළ ) දුර්ලභත්වය තමා ඔහුගෙ රුචිය , සංගීතය , ගීතය ගැන ඔහුගේ කියවීම.

එය මා දන ගත්තෙ 1987 විතර
“අඹ යාළුවෝ “ ගී හදද්දි ජගත් වික්‍රමසිංහ එක්ක ඔහු ආනන්දට දුන් ආදරණීය සහයෝගය දෑසින් දුටු නිසා.

එක්වරම වෛද්‍ය හේමන්ත පෙරේරා කතා කළා
“ දෙන්න කොහෙද ඉන්නෙ “ කියල ඇහුව.
අවසාන බත්තරමුල්ලෙ සුභූති පුර , දහම් මාවතේ එයාගෙ ගෙදර සාලෙ මෙන්න අපි දෙන්න.
අපේ හැඟුම් වාං දැමීම ඔහු දැනගත්තෙ යූ ඩී පෙරේරා කියන ශ්‍රේෂ්ඨ ගීත රචකයගෙ කණිටු පුතා නිසාම නෙමේ
හොඳ , යහපත් දේ කරන්න ඔහුගෙ තියෙන ආධ්‍යාශය නිසා.
සර්පිනාවෙ රෝහණ සාලෙ
මම කෑම මේසෙ
කෑල්ල කෑල්ල ලියනවා, හදනවා
අවසානේ සැකිලි ගීය හදල රෝහණ වේයන්ගොඩ මුද්දරගම් ගියා
මම දෙවිනුවර කපුගම් ආවා


ඉතින් ඊට පස්සෙ අමරසිරි පීරිසුන් සම්බන්ධ කරගෙන සරත් තිලකරත්න සහෝදරය සුනෙත් ගේ විජේරාමෙ ස්ටුඩියෝ එකට ගිහින් කළ කී දේ අපමණයි.
අමරසිරි අය්ය හදවතින් මීට කැපවුණා කිසි මූල්‍ය අයකිරීමකින් තොරව .
සංස්කරණය කළ අජිත් රාමනායක , අවසන් තැවරුම් දුන් ඉන්දික ජයවර්ධන අමතක කරන්නෙ කොහොමෙයි !!!
ඉතින් මාලිනී ගීතාව මගේ යූ ටියුබ් එකට ආව
හැකිතරම් මෙය බෙදා හදා ගන්න.
කිසි නිෂ්පාදකයෙක් නැතුව රෝහණත් මාත් ගත් මේ අවංක උත්සාහයට වාරු දෙන්න.
මිලියන ගණන් like , views වැටෙන ගීයක් නොකළත්
හැඟුම් දැනුම් ඇති සහෘදයන්ට මෙය යවන්න !!!
මාලිනී අක්ක ආකාස කුසුමක්ව අපි නැති කාලෙකත් ඒ හිනාවෙන්ම අහසෙ ඉඳන් බලා ඉඳීවි !


“රුසිරු විය හද බිම් ,
පිරෙනු නැත ඔබේ
හිස්තැන මාලිනී ….,

මහරු මනුදම්
ඔබ සමඟමැ’යි
ඡ) යා ව අනපායිනී”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රමිත රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙලිය...

ආණ්ඩුවේ තර්ජනවලට අපි සැලෙන්නේ නැහැ – එදිරිමාන්න

කොළඹ LNW: ආණ්ඩුව ගෙන යන දේශපාලන තර්ජනය හමුවේ තමන්...

මහනුවර බහුවිධි මාදිලි ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම්වල සීඝ්‍ර වර්ධනයක්!

කොළඹ LNW: මහනුවර නගරයේ පොදු ප්‍රවාහන සේවාවන් සියල්ල ඒකාබද්ධ...