ICCPR නිසා අමාරුවේ වැටුණු ගම්මන්පිලට ලැබුණු තීන්දුව!

Date:

කොළඹ LNW: හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ( 12 ) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ඒ,තමන්ව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත් සූදානම් වන බවත් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

එම අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සම්කාර උදය ගම්මන්පිල මහතාව මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය විසින් තීරණයක් ගෙන නොමැති අතර විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන හෙයින් අවසන් තීන්දුවක් ගැනෙන්නේ ඉන් අනතුරුව බවයි.

අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එම පෙත්සම සලකා බැලීම ලබන 17 වනදා දක්වා කල් තැබීමට අධිකරණය තීන්දු කළේය.

පසුගිය අගෝස්තු මස 05 වන දා මාධ්‍ය හමුවක් පවත්වමින් උදය ගම්මන්පිල මහතා, හිටපු නාවික හමුදාපතිවරයා LTTE සංවිධානයේ නායකයකුගේ ප්‍රකාශයක් මත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කරන ලදී.

ඒ අනුව එම මාධ්‍ය හමුවේ දැක්වූ කරුණු දක්වමින් ගම්මන්පිල මහතා පැවසුවේ පොලීසිය විසින් අනීතික ලෙස හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.

ගම්මන්පිල මහතා පවසන්නේ LTTE සංවිධානයේ ත්‍රිකුණාමලයේ හිටපු නායකයෙකු මෙන්ම එම දිස්ත්‍රික්කයේ හිටපු බුද්ධි අංශ නායකයකු වන සෙල්වතම්බි මහේන්ද්‍රන් නමැත්තා ලබාදුන් ප්‍රකාශයක් මත හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.

නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට ගැනීම පිටුපස ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත ජීවත් වන බෙදුම්වාදී LTTE හිතවාදීන් සිටින බවද ගම්මන්පිල මහතා සිය පෙත්සම මඟින් පවසා ඇත.

එමඟින් මෙරට සන්නද්ධ හමුදාවන්ගේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීමටත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ මෙරට සන්නද්ධ හමුදාවන්ට එරෙහිව පදනම් විරහිතව එල්ල කරන ලද යුද අපරාධ චෝදනා සාධාරණීකරණය කිරීමට ඔවුන් උත්සාහ කරන බවට තමා විශ්වාස කරන බවත් පෙත්සම මඟින් තවදුරටත් කියා සිටියි.

කෙසේවෙතත් උක්ත මාධ්‍ය සාකච්ඡාවේදී ගම්මන්පිල මහතා සිදුකරන ලද ප්‍රකාශ පදනම් කරගෙන ඔහුට එරෙහිව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

ඒ අනුව වග උත්තරකරුවන් විසින් ඇප රහිතව තමන්ව රිමාන්ඩ් භාරයට පත් කර ගැනීම සඳහා මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන හෙයින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත අවභාවිතාවට ලක් කරමින් තමන්ව අත්අඩංගුවට ගැනීමට වග උත්තරකරුවන් සූදානම් වන බවද ගම්මන්පිල මහතා සිය පෙත්සම මඟින් පවසා ඇත.

කෙසේවෙතත් ගම්මන්පිල මහතා මේ වන විට විදෙස් ගතව සිටින අතර නැවත දිවයිනට පැමිණි විට ඔහුව අත්අඩංගුවට ගැනීම වළකා ගැනීම වෙනුවෙන් උක්ත පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොණු කර තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇය වෙනුවෙන් එය කරන්න..TLC ට්‍රයැත්ලෝත් 2025

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW : පියයුරු පිළිකාවට එරෙහිව...

විජේරාමයේ සිටිය ද, තංගල්ලෙ සිටිය ද මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි – ගමට ගිය හිටපු ජනපති තැබූ සටහන!

කොළඹ LNW:ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනතට අනුව ඊයේ (11)...

ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම්රාට් මහෝත්සවය!

කොළඹ LNW: ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම්රාට් මහෝත්සවය එළඹෙන 14...

Kandy Breeze Night Fest හෙට(13) සිට නව මුහුණුවරකින්….

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW : මහනුවර නගරය වෙත...