පොලීසියේ ලොක්කෙකුට එරෙහිව තවත් ලොක්කන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ?

ශ්‍රී ලංකා පොලීසියේ ඉහළම නිලධාරියෙකුට එරෙහිව තවත් ඉහළ නිලධාරීන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමට සූදානමින් සිටින බව ආරංචිමාර්ග පවසයි.

මේ වනවිට පොලීසියේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පහළොස් දෙනෙකු රාජකාරි කරන අතර එයින් හත් දෙනෙකු සහ තවත් ඉහළ නිලධාරීන් කණ්ඩායමක් පෙරකී ඉහළ නිලධාරියාගේ ක්‍රියාකලාපය හේතුවෙන් දැඩි කළකිරීමෙන් සිටින බව සඳහන්. ඔවුන් අතරින් කිහිපදෙනෙකු මෙසේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමට සූදානමින් සිටින බව වාර්තා විය.

මීට හේතුවී ඇත්තේ අසාධාරණ සහ ද්වේශසහගත ලෙස ස්ථාන මාරුවීම් ලබාදීම, ඉහළ නිලධාරීන්ගේ අදහස් පිළිනොගෙන අත්තනෝමතික ලෙස තීන්දු තීරණ ගැනීම, නිලධාරීන් සම්බන්ධයෙන් වැරදි ආකල්පයක් නිර්මාණය කිරීම යනාදී කරුණු රැසක් බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...