ඇමෙරිකාව දිනුවාට යුරෝපයේ ශක්තිය පෙන්නූ තරගයක්

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW:

ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 400 මිශ්‍ර සහය දිවිමේ තරගයේ රන් පදක්කම දිනා ගන්නට ඇමෙරිකාව සමත් වෙනවා.එහෙත් මේ තරගය පුරා දකින්නට ලැබුණු විශේෂය තමයි නැවතත් මලල ක්‍රීඩාව යුරෝපා රටවල අවධානයට ලක්ව තිබෙන බව පෙනෙන්නට තිබීම.කෙටි දුර ඉසව්වලදී බොහෝ විට ඇමෙරිකානු මහද්වීපයට ආසන්න දූපත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇමෙරිකාවටත් අභියෝග කළ හැකි මට්ටමට තරග වදින බව සුලබ කරුණක් වුවත් මෙම තරගයේ අවසාන කණ්ඩායම් 8 ට තේරුණු කණ්ඩායම් අතරින් පහක්ම යුරෝපා රටවල් වුණා.


ඊට ආසියාවෙන් ජපානය සුදුසුකම් ලබා සිටි අතර අප්‍රිකානු මහද්විපයෙන් සුදුසුකම් ලබා සිටියේ දකුණු අප්‍රිකාවයි.උතුරු සහ දකුණු ඇමෙරිකානු මහද්වීපවලින් අවසාන අකෛම කණ්ඩාටම වූ ඇමෙරිකාව ඉසව්වේ රන් පදක්කම දිනා ගනිද්දී රිදී සහ ලෝකඩ පදක්කම යුරෝපයේ නෙදර්ලන්තය සහ බෙල්ජියම අතර බෙදී ගියා.පළමු ස්ථානය ඇමෙරිකාවට,හයවන ස්ථානය දකුණු අප්‍රිකාවට සහ අටවන තැන ජපානයට වෙන් වූ මේ තරගයේදී දෙවන,තෙවන,සිව්වන,පස්වන සහ හත්වන ස්ථාන පිළිවෙලින් නෙදර්ලන්තය,බෙල්ජියම,පෝලන්තය,එංගලන්තය සහ ඉතාලිය යන යුරෝපා රටව් හිමි කර ගත්තා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...