මිද්දෙණිය ඉඩමෙන් ලබාගත් රසායනික ද්‍රව්‍ය සාම්පල 20න් 17කම අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අන්තර්ගතයි – අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14,කොළඹ LNW :

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සිදුකළ පරීක්ෂණවලදී , මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමෙන් ලබාගත් රසායනික ද්‍රව්‍ය සාම්පල 20න් 17කම අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අන්තර්ගත බව අනාවරණය වී ඇති බව වාර්තා වේ.

මත්ජාවාරම් කරුවෙකු සහ අපරාධකල්ලි සමාජිකයෙකු යැයි කියන කෙහෙල්බද්දර පද්මේ හා කුඩු නිලංග මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට භාවිත කරන බව කියන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් පමණ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මිද්දෙණිය ප්‍රදේශයෙන් පසුගිය සැප්තැම්බර් 06 වනදා සොයාගනු ලැබීය. ඒ කෙහෙල්බද්දර පද්මේ සමග ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ බැකෝ සමන් නැමැත්තාගෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය කරගත් තොරතුරු අනුවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...