ශ්‍රී ලංකා බැඩිමින්ටන්වලට දින දෙකට ලෝකයෙන් අනු සූරතා හතරක්

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW:

තායිලන්තයේ පතායා හී පැවති Amazing Thailand-Pattaya BWF World Senior Championships 2025 තරගාවලියේදී අනු සූරතා තුනක් සහ කොස්ටාරිකාවේ සැන් ජෝස් හී පැවති II Costa Rica Future Series 2025 තරගාවලියේ අනු සූරතාවයකට ද හිමිකම් කියන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සැප්තැම්බර් 13 සහ 14 යන දෙදින තුළ හැකි වුණා.


තායිලන්තයේ පැවති තරගාවලිය නියොුජනය කළ ශ්‍රී ලංකා ප්‍රවීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් නිලූක කරුණාරත්න වයස 35 ට වැඩි කාණ්ඩයේ අනු සූරතාවය දිනා ගත්තේ ක්‍රීඩා කරන අවදියේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 19 වන තැනට පැමිණ සිටි තායිලන්තයේ සුප්පන්යු අවිහින්ග්සනන් හමුවේයි.පැයකුත් විනාඩි හයක කාලයක් පැවති එම අවසාන තරගයේදී ලෝක විශ්ව විද්‍යාල බැඩ්මින්ටන් සූරතාවයේ ජයග්‍රාහකයා මෙන්ම සුදීර්මන් කුසලාන,ආසියානු ක්‍රීඩා තරගාවලිය මෙන්ම ලෝක බැඩිමින්ටන් සංගමයේ ග්‍රෝන් ෆ්‍රී තරගවලදී ජයග්‍රහණ වාර්තා කර තිබෙන සුප්පන්නා නිලූකට එරෙහි තරගය ජය ගත්තේ 21-6,9-21 සහ 21-18 ක් ලෙස තරග වට 2 – 1 ක් ලෙස ය.


බැඩිමින්ටන් ලෝකය දිග් විජය කරනු ලබන යුරෝපා රාජ්‍යය වන ඩෙන්මාර්තය නියෝජනය කළ ජේන් වෑන්ග් නිඑල්සන් අතින් අවුරුදු 50 ට ඉහළ කාන්තා තරගය වට 2-0 ක් ලෙස පරාජය ලබමින් අනු සූරතාවයෙන් සෑහෙන්නට චන්ද්‍රිකා ද සිල්වාට ද සිඳු වූවාය.එහෙත් එම තරගය ද ජේන් පහසුවෙන් ජයගත් තරගයක් නොවිණි.ලකුණු 21 – 19 ක් සහ 23 – 21 ක් වූ එම තරගයද විනාඩි 32 ක් පුරා පැවති අතිශයින් තියුණු තරගයක් විය.


ඉන්දුනීසියාවේ මුහම්මද් මුහම්මද් සහ කැනඩාවේ ජොඩි පැට්රික් එක්ව අවුරුදු 40 න් ඉහළ මිශ්‍ර සූරතාවය දිනා ගනිද්දී ඊට එරෙහිව සටන් වැදුණේ නදීශා ගයන්ති සහ ඉන්දුනීසියාවේ යුනැන්ග් රහ්මත් යුගලයයි.විනාඩි 22 ක් තරගයක් වූ එම තරගයේදී 21 – 18 ක් සහ 21 – 11 ක් ලෙස කැනඩා ඉන්දුනීසියා මිශ්‍රණයට ජය හිමි වුණා.


කොස්ටාරිකාවේ පැවති තරගාවලියේදී ශ්‍රී ලංකාව සූරතාවය ආසන්නයටම රැඟෙන යන්නට දුමිඳු අබේවික්‍රම සමත් වුණා.අවසාන තරගය ගුවාතමාලාව නියෝජනය කරන ජගත් ශ්‍රේණිගත කිරීම්වල අංක 68 දරණ කෙවින් කෝර්ඩන් ට එරෙහිව දුමිදු පැයකුත් විනාඩි හතක තරගයක නිරත වුණා.අවසානයේ වට 2-1 ක් ලෙස කෝර්ඩන් ජයගත් තරගයේ ලකුණු සටහන 21-18,12-21 සහ 21 – 16 ක් ලෙස දැක් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!

කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී...

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...