නදීශා මූලික වටයෙන්ම ඉවතට

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW:

ජපානයේ පැවත්වෙන ලෝක සූරතා මලල ක්‍රීඩා සුරතාවලයේ මීටර් 400 ඉසව්ව නියෝජනය කළ නදීශා රාමනායක,ඇය සහභාගි වූ පස්වන මූලික තරගයේදී ක්‍රීඩිකාවන් නව දෙනෙකු අතරින් 8 වැන්නිය ලෙස තරගය නිම කළාය.
තරගයේ මීටර් 300 ක් ගෙවෙන තෙක්ම ඇය නවවැන්නියව සිටි අතර අවසාන මීටර් 100 දී කොළොම්බියාවේ එවිලිස් ඇගුලර් අභිබවා යමින් අට වැන්නිය වූවාය.තත්පර 53.63 ක කාලයකින් තරගය නිමා කළ නදීශාගේ කාලය මීටර් 400 කාන්තා ඉසව්වේ මූලික තරග නියෝජනය කළ 51 දෙනෙකු අතරේ 48 වන තැන රැඳූණාය.


නදීශා මූලික තරග අතරින් වේගවත්ම මූලික තරගයට සහභාගි වූ අතර එය තත්පර 49.13 න් ජය ගත් සල්වා එයිඩ් නසීර් මූලික තරගවල හොදම කාලය වාර්තා කරමින් ඉදිරියෙන් සිටින්නීය.එම තරගයේ දෙවැනිනය ලෙස තරගය නිමා කරමින් තමන්ගේ හොඳම පෞද්ගලික දක්ෂතාවය පෙන්වන්නට සමත් වූ ස්ටේසී ඈන් විලියම්ස් වාර්තා කළ තත්පර 49.59 ක කාලය තිබෙන්නේ සියළු තරග අවසන හොඳම කාලයන් පෙළ ගැස්වීමේදී ‍තෙවන තැනය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ස්කොෂ් 2025 සැප්තැම්බර් මාසයේ 6K PSA ජාත්‍යන්තර ශූරතාවලියට සූදානම්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් මගින් සංවිධානය කරනු...

වසර 21 කට පසු පොළොන්නරුව මහාධිකරණය හමුවේ අවසන් වූ ඓතිහාසික නඩු තීන්දුව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : පොළොන්නරුව මහාධිකරණය හමුවේ...

ජනාධිපති අරමුදලෙන් අශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහනක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : මහයියාව ප්‍රදේශයේ ආර්ථික...

ශ්‍රී ලංකා බැඩිමින්ටන්වලට දින දෙකට ලෝකයෙන් අනු සූරතා හතරක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: තායිලන්තයේ පතායා හී පැවති Amazing Thailand-Pattaya...