දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද 4.9%ක ධනාත්මක වර්ධනයක් වාර්තා වී ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවේ දැක්වෙයි.

ඒ අනුව 2025 දෙවන කාර්තුවේදී කෘෂිකාර්මික ආර්ථික කටයුතු , කර්මාන්ත ආර්ථික කටයුතු , සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් 2.0% , 5.8 % ක් සහ 3.9 ක වර්ධනයන් පෙන්නුම් කර ඇති අතර අඛණ්ඩව අටවන වරටත් වාර්තාවී ඇති මෙම ධනාත්මක ආර්ථික වර්ධනය මගින් කලින් පැවති ආර්ථික පසුබෑමේ අඛණ්ඩ ප්‍රකෘතිමත් වීම ඉස්මතු කරන බව පෙන්නුම් කරයි.