රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW :
දින කිහිපයක සිට හටගෙන ඇති , බලංගොඩ නන්පේරියල් රක්ෂිතයේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා යුද හමුදා සහායද ලබාගෙන ඇති බව වාර්තා වේ.
මේ වන විට, මෙම ගින්න හේතුවෙන් මේ වනවිට අක්කර දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව සඳහන් වන අතර, ගින්න නිවාදැමීම සඳහා යුධ හමුදාව, රත්නපුර දිස්ත්‍රික් ආපදා අංශය එක්ව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
එම ප්‍රදේශයේ පවතින දැඩි සුළඟ හේතුවෙන් ගින්න පාලනය කිරීමට අසීරු වී ඇති අතර, තරමක් දුරට පාලනය කර ගැනීමට හැකිවී ඇති බවද සඳහන් වේ.
