වැරදිලා හරි අනුර සහෝදරයා ප්‍රමුඛ අපේ ආණ්ඩුවක් නොආවා නම් තාම කුඩු ව්‍යාප්ත වෙනවා, තාම පාතාලය තියෙනවා – ඇමති සමන්ත

Date:

වැරදීමකින් හෝ අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බලය නොපැමිණියේ නම් තවමත් රට තුළ මත්ද්‍රව්‍ය හා පාතාලය ව්‍යාප්ත වනු ඇති බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“මම නිකමට ඔබෙන් අහනවා, හිතෙන් ඔබේ අහලා බලන්න වැරදිලා හරි අනුර කුමාර දිසානායක සහෝදරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අද නොතිබුණා නම් රට කුමන තත්වයක තියෙයිද කියලා. එහෙනම් කුඩු තාම ව්‍යාප්ත වෙනවා, තාම පාතාලය තියෙනවා. එහෙනම් ඇමති මණ්ඩලය 22න් නවතින්නෙ නෑ. ඔය ජනාධිපති වරප්‍රසාද කැපෙන්නෙ නෑ. තාම නාස්තිය, දූෂණය, කුඩුද පාතාලයද ඔක්කොම තියෙනවා. දැන් යමක් නොකෙරිලාද තියෙන්නෙ ? දැන් අපේ ගමනට වසරක් පිරීගෙන එන්නෙ. වසරක් පිරෙනකොට අපි හොඳ අත්තිවාරමක් දාලා තියෙන බව මම ඔබ තමුන්නාන්සෙලාට කියන්න කැමතියි. ඉදිරි වර්ෂ කිහිපයේ මේ දාපු අත්තිවාරම මත ලස්සන රටක් අපි ගොඩනඟනවා, අලංකාර රටක් අපි ගොඩනඟනවා. අපේ දරුවන්ට අනාගතයක් හදනවා. අන්න ඒකට පක්ෂ පාට භේද නැතිව කාගේත් සහාය අවශ්‍යයි”

සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (15) මීගහකිවුල සති පොළ භූමියේ පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 04) දිනයේදී සබරගමුව, මධ්‍යම,...

සිංගර් විශ්වාසය සමග මෙරට වෙළඳපොලට අලුතින්ම එකතුවන TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික සහ ජීවන රටා නිෂ්පාදන අලෙවිකරු...

දැන් අපේ රටේ වී වගාවට යටකරලා තියෙන කුඹුරු ප්‍රමාණය හොඳටම ඇති ! – කෘෂිකර්ම ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල මේ වනවිට ශ්‍රී ලංකාවේ වී වගාව...