ශ්‍රී ලංකාව ඉන්දියාවට ඉදිරියෙන් සිටි පතායා තරගාවලිය අතර තුර පටාමා සහ රොහාන් අතර හමුවක්

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 16, කොළඹ LNW:

තායිලන්තයේ පතායා හී පැවති ලොව නන් දෙසින් පැමිණි ප්‍රවීන බැඩිමින්ටන් සූර සූරියන් එක් වූ Amazing Thailand-Pattaya BWF World Senior Championships 2025 තරගාවලියේ අවසාන ප්‍රතිපල පරික්ෂා කරන විට ශ්‍රී ලංකාව ඉන්දියාවට ඉදිරියෙන් ශ්‍රේණිගතව සිටිනවා.ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවටද මේ තරගාවලියේ රන් පදක්කම් හිමි වුණේ නැහැ.රිදී පදක්කම් දිනා ගනිද්දී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් 2 ½ ක් හිමිව තිබුණා.ඉන්දියාවට හිමිව තිබුණේ රිදී පදක්කම් දෙකක් පමණයි.


ශ්‍රී ලංකාව වෙනුවෙන් නිලූක කරුණාරත්න,රේණු චන්ද්‍රිකා ද සිල්වා සහ නදීශා ගයන්ති රිදී පදක්කම් දිනා ගත් අතර නදීශා මිශ්‍ර යුගල තරග අංශයෙන් දිනා දුන් රන් පදක්කමෙන් ශ්‍රී ලංකාවට අයිති අඩක් පමණයි.ඒ ඇයගේ සහයක ක්‍රීඩකයා ලෙස තරග වැදුණේ ඉන්දුනීසියානු ක්‍රීඩකයෙකු වූ නිසයි.


ප්‍රවීන තරග අංශයෙන් මෙන්ම ජාතික බැඩ්මින්ටන් ක්‍රීඩකයන්ට ද ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන් වෙතට ලෝක අවධානය හැරවීමට මූලිත්වය ගත් හිටපු සභාපති රොහාන් ද සිල්වා සහ ලෝක බැඩිමින්ටන් සම්මේලන සභාපතිණිය වන කුන්යුන්ග් පටාමා අතර සුහද හමුවිමක් ද තරගාවලිය අතර සිඳු වුණා….
ලෝක බොක්සිං සම්මේලන සභාපතිණිය මෙන්ම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජිකාවකද වන පටාමා ක්‍රීඩා කළමණාකරණය සම්බන්ධයෙන් ඉහළ උගත්කමක් ඇති සහ ව්‍යාපාර කේෂ්ත්‍රෙය්ද කැපී පෙණෙන චරිතයක් වෙනවා.මේ හමුව මෙන්ම රොහාන් යටතේ අද වන විට ලාංකේය බැඩ්මින්ටන් ක්‍රීඩාව ලබා ඇති ප්‍රගතියද සැළකිල්ලට ගෙන තව දුරටත් ලාංකේය බැඩිින්ටන් ක්‍රීඩාවේ ප්‍රගතියට පටාමාගේ උපකාර ශ්‍රී ලංකාවට ලැබෙන මාවතක් එම හමුවත් සමඟ සැකසෙන්නට හැකි බව අප විශ්වාස කරනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...