හමාස් විනාශ කිරීමේ සැලසුම් වෙනුවෙන් ඊශ්‍රායලයට සිය පුර්ණ සහයෝගය හිමිවන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ විසින් හමාස් නායකයන් විනාශ කිරීමේ සැළසුම් සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ සම්පුර්ණ සහය ඊශ්‍රායල අගමැතිවරයාට හිමිවන බව සඳහන් කර තිබේ.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා මේ බව ඊයේ(15)දිනයේදී ජෙරුසලමේ ඊශ්‍රයල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හා සමඟ ගාසා නගරය අත්පත් කර ගැනීමේ ඊශ්‍රායල් හමුදා සැලසුම් සහ අල්ලා ගත් බටහිර ඉවුරේ ඊශ්‍රායලය විසින් ජනාවාස අඛණ්ඩව පුළුල් කිරීම පිළිබඳව ද සාකච්ඡා අතරතුර මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

පසුගියදා එක්සත් ජනපදයේ සමීප සගයෙකු වන කටාර්හි හමාස් නායකයින් ඉලක්ක කර ගැනීමට ඊශ්‍රායලය දියත්කළ ප්‍රහාරය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සාධාරණිකරණය කිරීම මේ වන විට ජාත්‍යන්තර කෝපයට හා විවේචනයට ලක් වී ඇති අතර කටාර් රාජ්‍ය 2012 වසරේ සිට හමාස් දේශපාලන කාර්යාංශයට සත්කාරකත්වය සපයමින් ප්‍රධාන ඇමරිකානු ගුවන් කඳවුරකට සත්කාරකත්වය සපයන අතර ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් සඳහා මැදිහත්කරුවෙකු ලෙස ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...