දාහක් වැඩ මැද නොසැලෙන අදිටන ….

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිට හදාරමින් සිටින පරිසර විද්‍යාව පිළිබඳ විද්‍යාපති (Master of Science in Environmental Science) උපාධි පාඨමාලාවේදී පසුගියදා ඒ මහතා පෙනී සිටි විභාගයෙහි ප්‍රතිඵල නිකුත්ව තිබේ.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේදී ඒ මහතා මෙම විභාගය සඳහා පෙනී සිටි අතර පරිසර ආර්ථිකය සහ කළමනාකරණ විෂයය වෙනුවෙන් ඒ මහතාට A- සාමාර්ථයක් සහ පරිසර ප්‍රතිපත්ති සැලසුම්කරණය සහ ඇගයීම විෂයය සඳහා A+ සාමාර්ථයක් ද හිමිව ඇත.

මේ පිළිබඳව ලංකා නිව්ස් වෙබ් අප කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ මෙම පාඨමාලාව තුළ තවත් බොහෝ දුර යායුතුව තිබෙන බවත් අතිශය කාර්යබහුල තත්වයක් තුළ පවා මෙම උපාධි පාඨමාලාව හැදෑරීමට තමන් එදා ගත් තීරණය පිළිබඳව සතුටු වන බවත් ය.

රටේ විපක්ෂ නායකවරයා වශයෙන් දහසක් රාජකාරි කටයුතු තිබියදීත් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඒ මහතා දක්වන උනන්දුව සහ කැපවීම මෙන්ම වැඩිහිටියෙකු වශයෙන් මෙම පාඨමාලාව හැදෑරීම තුළින් ඔහු රටට සපයන ආදර්ශය දේශපාලන කුහකකමින් තොරව සියල්ලන්ගේම ඇගයීමට ලක්විය යුතු බව අපේ හැඟීමයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – දෙමව්පියන් නිහඩ විරෝධයක් අරඹයි!

කොළඹ LNW:තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක...

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...