ධම්මික පෙරේරාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් …

Date:

ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිස්වූ විට ඒ සඳහා පත්කිරීමට හැකියාව ඇත්තේ මහමැතිවරණයේදී දිස්ත්‍රික්ක සඳහා භාරදුන් නාමයෝජනාවල නම ඇතුළත්ව තිබූ අයෙකු හෝ ජාතික ලැයිස්තුවේ නම සඳහන් අයෙකු පමණක් බව පෙත්සමෙන් දක්වා ඇති අතර ධම්මික පෙරේරා මහතාගේ නම එසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තුවල හෝ ජාතික ලැයිස්තුවේ ඇතුළත්ව නොතිබුණු බැවින් ඔහුගේ පත්වීම ව්‍යවස්ථාවේ 99(අ) වගන්තියට පටහැණි බවත් පෙත්සමෙන් ප්‍රකාශ කර ඇත.

එසේම ධම්මික පෙරේරා මහතා බැංකු, මූල්‍ය ආයතන, වතු, බලශක්ති ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට සම්බන්ධ ව්‍යාපාරිකයකු බැවින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වීම හා ඒ හරහා අමාත්‍යවරයකු වශයෙන් පත්වීම තුළින් බරපතළ පක්ෂග්‍රාහී තත්වයක් නිර්මාණය වීමට හැකි බවත් සරවනමුත්තු මහතා සිය පෙත්සමෙන් දක්වා ඇත.

ඒ අනුව මෙම පත්වීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි ඒ මහතා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාරේ යන සාමාන්‍ය මනුස්සයෙක්ගේ මුවඟට හිනාවක් ගේන්න වීදි කලාවට හැකිද?

සටහන – පුලී අගෝස්තු 25, කොළඹ (LNW): හුණු වලින් හැඳ...

ඩයනා අධිකරණයට එයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW: අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු...

රනිල් වික්‍රමසිංහට ‘දැඩි විවේකයක් අවශ්‍ය යි’: උසාවි යන්න පුළුවන් ද? ඇප ලබා ගත හැකි ද?.

කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති...

ආන්දෝලනාත්මක යාපනයේ විද්‍යා දැරියගේ ඝාතන සිද්ධියේ විත්තිකරුවන්ගේ අභියාචනා විභාගයට දින දෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW: යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නමැති...