සටහන – රුවන් නෙළුගොල්ල
2029 ජනාධිපති වීමට සිතාගෙන සිටින ඇතැම් දේශපාලනඥයි උත්සාහ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ පැබ්ලෝ එස්කොබාර්ලා වීමටද යන්න ප්‍රශ්නයක් බව ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා පවසයි.
“2029 ජනාධිපති වෙන්න හිතාගෙන ඉන්න අය, අපට තියෙන ප්‍රශ්නෙ තමයි ඇත්තටම ඒගොල්ලො මේ රටේ ජනාධිපති වෙන්නද උත්සාහ කරලා තියෙන්නෙ, එහෙම නැත්නම් මේ රටේ පැබ්ලෝ එස්කොබාර් වෙන්නද ට්‍රයි කරලා තියෙන්නෙ. අහලා තියෙනවා නේද අර බොලීවියන් ඩ්‍රග් කාටෙල් එකේ ලෝකෙ හිටපු ලොකුම ඩ්‍රග්ස් ඩීලර් පැබ්ලෝ එස්කොබාර්, අන්න එයා වෙන්නද උත්සාහ කළේ කියන ප්‍රශ්නෙ අපට තියෙන්නෙ. මේක දැක්කාම මේ රටේ මිනිස්සු තේරුම් ගන්නවා මේ රට මොන අන්තයටද අරන් යන්න ගියෙ කියන එක. මොකද, මේ රටේ මේ දේශපාලන වෙනස පහුගිය කාලෙ කළේ හිතන්න පුළුවන් කොල්ලො කෙල්ලො. තාර්කික බුද්ධියක් සහිත නිර්මාණශීලී කොල්ලො කෙල්ලො. දැන් මොකක්ද කරන්න ඕනෙ ? මේ සිහිය විකෘති කරන්න ඕනෙ. මොකද සිහියෙන් ඉන්න මිනිස්සු තමයි මේ රටේ මේ සාධනීය දේශපාලන වෙනස්කම් කරන්නෙ. එහෙනම් මොකක්ද මේගොල්ලො කරන්න ඕනෙ, මේ රටේ මිනිස්සුන්ගෙ සිහිය නැතිකරන්න ඕනෙ. ඒකට තමයි මේ අයිස් දැම්මෙ. අපි අහලා තියෙනවා මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම් වෙලා තියෙනවා. නමුත් අයිස් ෆැක්ටරි හම්බවෙන්නෙ පළවෙනි වතාවට. එතකොට මේවා අපේ කරමත තියන්න කොච්චර උත්සාහ කළත් වැඩක් නෑ. මොකද ඒවාට හවුල් මිනිස්සු දැන් අහුවෙනවා. සමහරු ඒගොල්ලන්ගෙ අපේක්ෂක ලැයිස්තුවල හිටපු මිනිස්සු. ඊටපස්සෙ ඔන්න කෙහෙල්බද්දර පද්මෙත් එක්ක එකට ඉඳලා ගහපු පින්තූර ලීක්වෙනවා. මේගොල්ලොන්ගෙ අවියෝජනීය සම්බන්ධයක් තියෙනවා මේ ජාවාරම් එක්ක, මිනීමැරුම් එක්ක. මේ සියල්ල එකට ගැටගැහිලා තිබිලා තියෙන්නෙ. අපිට විශ්වාසයෙන් යුතුව කියන්න පුළුවන් මේ රටේ මේ පැතිරිලා තියෙන මත්ද්‍රව්‍ය රැල්ල, මේක වහාම අවසන් කළේ නැත්නම් අපේ රටේ අනාගත පරම්පරාව විශාල අනතුරකට, විශාල ඛේදවාචකයකට මුහුණ දෙනවා. ඒ නිසා මේක අවසාන කිරීම තමයි අපේ අරමුණ. පාතාලය වෙන්න පුළුවන්, මත්ද්‍රව්‍ය වෙන්න පුළුවන්, මේක අවසාන කරන වැඩේ කරනවා. ඒකට අදාළ අයට අපි බලය දීලා තියෙන්නෙ. පොලීසිය, හමුදාව, අධිකරණය ස්වාධීනව කටයුතු කරමින් යනවා”
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා මේ බව පැවසුවේ ඊයේ (17) මහනුවර ගලහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
