අලුත් පනතේ සියලුම වගන්ති ක්‍රියාත්මක වෙන දවසේ සිට විදුලිබල මණ්ඩලය අහෝසි වෙනවා. වෙන වෙනම සමාගම් 6ක් එනවා

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2025 අංක 14 දරණ විදුලිබල ක්ෂේත්‍ර සංශෝධිත පනතේ සියලුම වගන්ති ක්‍රියාත්මක වෙන “නියමිත දිනයේ” සිට ලංකා විදුලිබම මණ්ඩලය ඈවර වී අහෝසි වන බව විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් පුබුදු නිරෝෂන් හැඩිගල්ලගේ මහතා පවසයි.

“මේ පනත, 2025 අංක 14 දරණ විදුලිබල ක්ෂේත්‍ර සංශෝධිත පනත තමයි මේ අපි ක්‍රියාත්මක කරමින් පවතින්නේ. ලංකා විදුලිබල මණ්ඩලය කියන ආයතනය නැතිවෙලා ගියාට ඒකෙන් කරන කාර්යය, රාජකාරිය නැතිවෙලා යන්න බැහැ. 2024 අංක 36 දරණ පනත එනකොට – සංශෝධනයට පෙර පනත – ඒ පනතෙත් සියලුම වගන්ති ක්‍රියාත්මක වෙලා තිබුණෙ නෑ. එතකොට 2025 අංක 14 දරණ සංශෝධිත පනතෙත් සියලුම වගන්ති ක්‍රියාත්මක වෙන දවස එනවානෙ, ඒ දවස එනකොට තමයි – අපි ඒකට කියනවා නියමිත දිනය කියලා – ලංකා විදුලිබල මණ්ඩලය ඈවර වෙලා, අහෝසි වෙලා යන්නෙ. ඒ නියමිත දිනයේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවට ඒකෙන් කරන රාජකාරි කර්තව්‍යයන් සඳහා වෙන වෙනම තනි තනි සමාගම් 6ක් අනාගතයේදී ඇතිවෙනවා. මුළු සමාගම් ගාණ 6 යි, ප්‍රධාන සමාගම් 4 යි. ලංකා විදුලිබල මණ්ඩලය දැනට කරන ජනනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති පාලනය කියන ප්‍රධාන කාරණා 4 කරන්න වෙන වෙනම සමාගම් 4ක් එනවා. සේවකයෝ 22500 කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා, ඒ සියලුම සේවකයින් අපි යෝජනා කරන්නෙ අනුයුක්ත කරන්න අර ප්‍රධාන සමාගම් 4ට විතරයි. එතකොට ඒ 4ට නියාමක, ඒ කියන්නෙ මහජන උපයෝගීතා කොමිසමෙන් අපි ගන්න ඕනෙ බලපත්‍ර. බලපත්‍රයක් තියෙන කෙනෙක්ට විතරයි අර කියන කාරණා 4 කරන්න පුළුවන්. හැබැයි බලපත්‍රයක් නැතිව විදුලිබල මණ්ඩලය දැනටත් කරණ යම්කිසි කරුණු කාරණා ටිකක් තියෙනවා, උදාහරණයක් හැටියට ලංකාවේ ප්‍රධාන තැන් කිහිපයකම වායු සමීකරණ පද්ධති, ඩීසල් ජෙනරේටර් පද්ධති, විදුලි සෝපාන ගොඩක් නඩත්තු කරනවා නිශ්චිත වශයෙන් ආරක්ෂක අංශ සහ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වන ස්ථානවල. ඒවගේ ක්‍රියාකාරකම්, පුහුණු කටයුතු, සිවිල් ඉදිකිරීම් වගේ අර ප්‍රධාන කාරණා 4ට අමතරව CEB එක ඇතුළෙ කරන විවිධ කාරණා තියෙනවා. මේ සියලුම සේවකයින්ට විශ්‍රාම වැටුපක් සහ අර්ථ සාධක අරමුදල් තියෙනවා. එතකොට ඒකත් අපි අර ප්‍රධාන කාරණා 4ට පිට කාරණයක් විදියට තමයි ගන්නේ පනත ප්‍රකාශරව. ඔය කියන ප්‍රධාන කරුණු 4න් පිට අවශේෂ කාරණා කරන්න අවශෙෂ සමාගම් දෙක් මේ හරහා ඉදිවෙනවා. ඒකත් එක්ක තමයි සමාගම් ගාණ 6ක් වෙන්නෙ”

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් පුබුදු නිරෝෂන් හැඩිගල්ලගේ මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක තැන පල්වෙන දුම්රිය නිලධාරීන්ට ඇමතිගෙන් යස පාඩමක්. අවසාන වොර්නින් එකත් දෙයි!

කොළඹ LNW:මගී ජනතාව වෙනුවෙන් දුම්රිය සේවය නිසි පරිදි ලබා...

ලෝක කුසලානය පෙනි පෙනී අතපත්තු අත්පත් කර ගත් ජය

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: කැරිබියන් කාන්තා ප්‍රිමියර් ලීග් සූරතාවලියේ ජයග්‍රහණය...

බස්නාගොඩ ජලාශය සහ පානීය ජල ව්‍යාපෘතිය අද ජනතා අයිතියට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : අද(18) දින ගම්පහ දිස්ත්‍රික්කයේ...

ශ්‍රී ලංකාව අවසන් හතරට ස්ථීරයි – ගැටළුව ඇත්තේ ප්‍රතිවාදියාගෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: මේ වන විට පැවත්වෙන ආසියානු කුසලාන...