ඇන්ඩි පයික්‍රොෆ්ට් මොකද කළේ…

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW:

ක්‍රීඩාව කියන්නෙ දේශපාලනයේ ගිණි නිවන සිසිල් දිය ඉසිනයක්.කිසිවෙකුගේ උපදේශයකට හෝ උවමනාවකට එය සුණු විසුණු කර දමන්න කටයුතු කළ යුතු නැහැ.එහෙත් ඇන්ඩි පයික්‍රොප්ට් කියන තරග තීරකවරයා ඒ උත්තරීතර ගුණය විනාශ කරලා අවසන් කියන තැන ඉදගෙනයි ආසියානු කුසලාන තරගාවලියේ පකිස්තානු විරෝධය සම්බන්ධයෙන් කතා කරන්න වෙන්නෙම.
ඇන්ඩි ලෝකයේ හිටපු හොඳම ක්‍රීඩකයෙක්.සිම්බාබ්වේ කණ්ඩායම ටෙස්ට් තත්ත්වය ලබා ගන්න මොහොතේ ලෝකය ඔහුව හැඳින්වූවේ සිම්බාබ්වේ සතුව සිටින ලොව ඕනෑම කණ්ඩායමකට ක්‍රීඩා කළ හැකි මට්ටමේ සිම්බාබ්වේ සතු ජාත්‍යන්තර ක්‍රීඩකයා හැටියටයි.ඒ නිසා ඔහුට ක්‍රීඩකයාගේ ගුණ සුවඳ රැකිය යුතු ආකාරය ගැනත් හොඳ අත්දැකීමක් තිබෙනවා.


තවත් අතකින් සිම්බාබ්වේ ක්‍රිකට් කීඩාව මුගාබේ පාලනය යටතේ බිඳ වැටුණු විනාශ වුණු බව,ඒ වර්ණාන්ධ දේශපාලනය සමස්ත සිම්බාබ්වේට කරන ලද විනාශය ගැන තියෙන අත්දැකීම් සමඟ ලෝකයට බෙදීම,ගැටීම අනවශ්‍යය බව කියන්න කප්පරක් අත්දැකීම් විඳපු පුරවැසියෙක් හැටියටත් ඇන්ඩි පයික්‍රොෆ්ට් මේ සිදුවීමේදි කටයුතු කිරීමේදී තමන්ගේ අත්දැකීම් පවා යහපත වෙනුවට තමන්ගේ පැවත්මට භාවිතා කර තිබෙන බව පේන්න තිබෙනවා.


මෙතැන දී ඉන්දියානු සභාපතීත්වය අයිසීසී ය ඉන්දියානු කිරීමේ වෑයමක් සිහින්ව දකින්න ලැබෙනවා.ඒ උවමනාවන් ක්‍රිකට් ක්‍රීඩාවේ ආචාර ධාර්මිකභාවය පවත්වාගෙන යාමට අවශ්‍ය්‍ය තරග තීරක වැනි උත්තරීතර චරිත ස්වීය නූල් පොටට අමුණා රූකඩ කිරීමෙන් ලෝකයට අහිමි වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ උත්තරීතර ගුණාංගයි.එසේම එවැනි වරප්‍රසාද වගකීම් බලාපොරොත්තුවෙන් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කර අන්දමෙන් දේශපාලනික උවමනාවන් වෙනුවෙන් සිය චරිතය හසුරුවන්නට ඉඩදීම, තරග තීරක තනතුරුවල ඉන්න පළපුරුදු ක්‍රීඩකයන් අතින් සිඳු නොවිය යුතුයි.


එවැනි තත්ත්වයක ඉන්දීය – පකිස්තානු දේශපාලන අර්බූදය ඇන්ඩි තමන්ගේ වගකීමට තනතුරට ගාවා ගැනීම සහ ඒ අර්බූදය නිවීමට මැදිහත්වීම වෙනුවට පවත්වාගෙන යාමට සහ නඩත්තුවට තීරණ ගැනීම වැරදියි.ඔහු පකිස්තානු නායකයාට කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේදී අතට අත දීමෙන් වළකින ලෙස පැවසීම ක්‍රිකට් ක්‍රීඩාවෙන් විතරක් නොව සමස්ත ක්‍රීඩාවෙන්ම බලාපොරොත්තු වන ජය පරාජය දරා ගැනීම,සහෝදරත්වය වැනි ගුණාංග විනාශ කිරීම සඳහා කරන පෙළඹවීමක් සහ මැදිහත්වීමක් වෙනවා.
ක්‍රීඩාවක ජයග්‍රහණය යනු අනෙකාව විනාශ කිරීමක් නොවේ.සහෝදරත්වයෙන් බෙදා ගැනීමක්.පරාජිතයාටත් ගරු කිරීමක් සමඟ අවසන් වන මනුෂ්‍යත්වයේ පිළිබිඹුවක්.යුද්ධය එසේ නොවේ.ප්‍රතිවාදියා ඝාතනය කිරිමෙන් ලබන සැනසීමක්.යුදවාදී ආකල්ප ඇති දේශපාලනයක් කර පින්නාගත් රටකට ක්‍රීඩාවේ මුල් සංස්ථාවන් වන සංවිධාන,සංගම් සහ සම්මේලන ක්‍රීඩාව රටවලට තහනම් කරන්නේම යුදවාදී අදහස් දරන භූමීන්වල ගිණි දැල්වලින් ක්‍රීඩාවේ උත්තරතර සුහදශීලී බැදීම් විනාශවීම වැල්කවිය යුතු බවට වන ප්‍රතිපත්තිමය එකඟතාවයන් මතයි.


එසේ බලන විට අයිසීසී ය ක්‍රීඩා පිටියේදීත් යුදවාදී වෛරී ප්‍රතිපත්ති නොනැසී තිබිය යුතු බව විශ්වාස කරමින් ඒ සඳහා රෑකඩකාරී ඇන්ඩි පයික්‍රෙිෆ්ට් වැනි චරිත යොදා ගන්නවානම් එය ලෝකයේ අනිත් ක්‍රීඩාවන් හී ලෝක සංවිධාන අතරින්,මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ජාත්‍යන්තර සංවිධානය තක්කඩි සංවිධානයක් ලෙස කොන් කර දමන්නට,සෙසු ක්‍රීඩාවන් හී ලෝක සංවිධානවලට කරන ආරාධනයක් විය හැකිය.


ඇන්ඩි පයික්‍රොෆ්ට් නිදහසට කුමන කරුණ කීවත්,අයිසීසියේ බලපෑම කොතැනකින් එන්නේද,ඇන්ඩි කෙතරම් නින්දිත විදිහට එම බලපෑම්වලට අවනත ද යන සියළු කාරණාවන්ට සාක්ෂි සපයන්නා වන්නේ සූරියකුමාර් යාදෙව්ය.ඔහු ජයග්‍රහණයෙන් පසුව යුද වැදී ඇවිලෙන ගිණිවලින් දැවෙන මිනිසුන් ගේ වෛරය නිවෙන කතාවක් වෙනුවට යුද වෛරය අවුළුවන කතාවක් දිග හැරියේය.තමන්ට පෙර සිටි නායකයන්ගෙන් මිනිසුන්ගේ වෛරය නිවා දැමීමේ සහ සහෝදරත්වයේ ආදර්ශය වෙනුවට ක්‍රීඩාවේ උත්තරීතරත්වය විනාශ කරන පැට්ට්‍රල් බූලියක් ඔහු සිය වචනවලින් ක්‍රීඩාව මත අත ඇරියේය.
ඇන්ඩි මෙන්ම සූරියකුමාර් ද කළේ පිටියෙන් කිටි කිටියේ එකට හිරව දෙපසට සහයෝගය දක්වන ක්‍රීඩා ලෝලීන්ගෙන්වත් ක්‍රීඩාවේ අඵූර්ව ගුණය සහ මනුෂ්‍යත්වය පිළිබඳ පාඩම් ඉගෙන නොගෙන ඔවුන් අතරටද දැවෙන සුළු වෛරයේ ගිණි පුළිඟු විඳ දැමීමය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එදවස සොඳුරුමය එතරම්….

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : පොතක වරුණ.. එදවස සොඳුරුමය 7...

එක තැන පල්වෙන දුම්රිය නිලධාරීන්ට ඇමතිගෙන් යස පාඩමක්. අවසාන වොර්නින් එකත් දෙයි!

කොළඹ LNW:මගී ජනතාව වෙනුවෙන් දුම්රිය සේවය නිසි පරිදි ලබා...

ලෝක කුසලානය පෙනි පෙනී අතපත්තු අත්පත් කර ගත් ජය

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: කැරිබියන් කාන්තා ප්‍රිමියර් ලීග් සූරතාවලියේ ජයග්‍රහණය...