බෝතලයකින් පහරදී පුද්ගලයෙකු දියේ ගිල්වා ඝාතනය කිරීමක් ගැන පොලිස් විමර්ශන!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW :

පුද්ගලයෙකු දියේ ගිල්වා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. එම තොරතුර වාර්තා වන්නේ,තිස්සමහාරාම පොලිස් වසමේ සඳුන්ගම, ප්‍රගති මාවත ප්‍රදේශයයෙන් බව සඳහන් වේ.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 45 හැවිරිදි තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සිද්ධියට සම්බන්ධ 24 හැවිරිදි සැකකරුවෙකු තිස්සමහාරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරු මරණකරුගේ මිතුරෙකු වන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන අතර, සැකකරු හා මරණකරු අතර ඇති වූ පුද්ගලික ආරවුලක් මත බෝතලයකින් පහරදී දියේ ගිල්වා එම ඝාතනය සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...