අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

Date:

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරනු ලැබීය.

යටපත් වී තිබූ භාරතයේ බුදු සසුන යළි නගාසිටුවමින් අන්‍ය ආගමිකයන් අත පත් වී තිබූ බුද්ධගයාව,සාරනාතය ඇතුළු දඹදිව බෞද්ධ සිද්ධස්ථාන බෞද්ධයන්ට යළි අත්පත් කරදීමේ මහා සටනට මහාබෝධි සංගමය පිහිටුවා නායකත්වය දෙමින්,මහා ජාතික ආගමික හා සංස්කෘතික පුනරුදයකට මුල පිරූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ (පසුව සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්⁣) එකසිය හැට එක්වන ජන්ම දිනය සැමරුම ජපානයේ සවරා ලංකා ජී විහාරස්ථානයේ දී ජපානයේ ප්‍රධාන සංඝනායක,ශ්‍රී ලංකා මහා බෝධිබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථ මහා සංඝරත්නය සහ දායක සභාවේ සහභාගිත්වයෙන් පසුගියදා (17) පැවැත්වුණි.

එසේම සැප්තැම්බර් 17 වැනි දිනට යෙදෙන ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදී මැතිතුමන්ගේ ජන්ම දිනයට සුභාශිංෂණ පැතීම ද මෙහි දී සිදු කෙරිණ.

බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ නැවත බෞද්ධයන්ට අත්පත් කර දී බරණැස ඉසිපතනාරාමය ඉදිකරමින් ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සංවිධානය කළ මෙවර අනගාරික ධර්මපාල ජන්ම සමරු උත්සවය කොළඹ විහාර විහාර මහා දේවි උද්‍යානයේ අනගාරික ධර්මපාල ප්‍රතිමාව ආශ්‍රිතව පැවැත්වුණි.

කොළඹ නගරාධිපතිනිය.ධර්මපාල පිළිරුවට මල්දම් තබා ගෞරව උපහාර දැක්වූ පසු මහා බෝධි සංගමයේ නිලධාරීහු සිය පුෂ්ප පූජා එහි දී පැවැත්වූහ.

දොන් කරෝලිස් හේවාවිතාරණ සහ මල්ලිකා ධර්ම ගුණවර්ධන දම්පතීන් එතුමාගේ මව්පියන්ය. දොන්ඩේවිඩ් හේවාවිතාරණා ලෙස දෙමව්පියන් තැබූ නම පසුව ධර්මපාල ලෙස සංශෝධනය කර ගත්තේය.

පසුව අනගාරික ධර්මපාල ලෙස ලොව පුරා ප්‍රචලිත වූ එතුමා වයස අවුරුදු තුන වන විට ථෙරවාදී බුදු දහම ලොව පුරා රැගෙන යන මහා ධර්ම දූතයා බවට පත්විය.

වයස අවුරුදු 16 සිට එතුමන් බ්ලැවැට්ස්කි ආර්යාව සමග කටයුතු කරමින් මහාබෝධි සමාගම පිහිටුවා ලොව පුරා ප්‍රචාරක කටයුතු සිදුකරමින් බෞද්ධ වෙහෙර විහාර ගොඩනඟමින්, විශේෂයෙන් ඉන්දියාවේ විවිධ ලබ්ධිකයන් ග්‍රහණයට ගෙන තිබූ බෞද්ධ බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් ශුද්ධ භූමි බවට පත් වූ බුද්ධගයාව,සාරනාත්,කුසිනාරා ආදි ස්ථාන බෞද්ධයන්ගේ පුදබිම් බවට පත් කිරීමට එතුමා සමත් විය.

පසුව සිරි දේවමිත්ත ධම්මපාල නමින් පැවිදි දිවියට පත්වූ එතුමන් 1933 අප්‍රේල් 29 වෙනි දින අපවත් වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...