නිශ්මං රණසිංහ සැප්තැම්බර් 19, කොළඹ LNW:
ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරගයද ශ්‍රී ලංකාවට ජය හිමි වෙමින් අවසන් වුණා.ඇෆ්ගනිස්තානය අවසන් කණ්ඩායම් හතර අතරට පැමිණිම වැළක් වූ කඩුලු හයකින් හිමි වුණ මේ ජය නිසා ආසියානු කුසලානයේ අවසන් කණ්ඩායම් හතරට අපරාජිතව එකතු වෙන්නට ශ්‍රී ලංකාව සමත් වෙනවා.එහෙත් මේ විශිස්ඨ ජයග්‍රහණයේ දීප්තිය බිඳුවකුදු අඬු නොවුණ ද,කණ්ඩායමක් වශයෙන් එක්ව එකට දුක් වන්නට වන සිඳුවීමක් ද මේ තරගය අතර වාර්තා වෙනවා.ඒ දුනිත් වෙල්ලාලගේ පියා වන 54 හැවිරිදි සුරංග වෙල්ලාල්ගේ එම තරගය නරඹමින් සිටින අතරේ ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමයි.

ඇෆ්ගනිස්තානය මේ තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන අතර වැඩි ලකුණු ගණනක් ලබා ශ්‍රී ලංකාවට අභියෝගයක් ලබා දීම ඔවුන්ගේ අරමුණ වුණා.එහෙත් නුවන් තුෂාර ඉදිරියේ එම උත්සාහයන් ව්‍යර්ථයක් වුණ අතර ඔහු පන්දු ඕවර් 3් අවසන් කරන විට ලකුණු 12 ට කඩුලු 3 ක් දඩයම් කර තිබුණා.නුවන් තුෂාර පන්දු ඕවර් 4 නිමාවට පත් කළේ ලකුණු 18 ට කඩුලු 4 ක් දවා ගනිමින්.

මේ අභියෝගය ඉදිරියේ ඇෆ්ගන් ලකුණු පූවරුවට ඇති කළ බලපෑම ලිහිල් වූයේ 19 වන පන්දු ඕවරයේ දී සහ 20 වන පන්දු ඕවරයේදී යි.19 වන පන්දු ඕවරයේදී දුෂ්මන්ත චමීර වෙත මොහොමඩ් නාබි පිට පිටම හතරේ පහර තුනක් සමඟ ලකුණු 17 ක් ලබා ගන්නවා.20 වන ඕවරයේදී ඇෆ්ගනිස්තානය දුනිත් වෙල්ලාලගේගෙන් නාබි විසින් එල්ල කරන ලද හයේ පහර පහක් සහිතව ලකුණු 32 ක් ගබා ගන්නවා.

මේ ප්‍රහාරය හරහා නාබි පන්දු 22 දී ලකුණු හැටක් ලබා ඔවුන්ට නියමිත 20 වන පන්දු ඕවරයේ අවසාන පන්දුවට දුවද්දි දැවී යනවා.මේ අවසාන ප්‍රහාරයමද යැයි නිශ්චිතව කිව නොහැකි නමුත් මේ වන විට දුනිත්ගේ තාත්තා තාත්තා තරගය නරඹමින් සිටින අවස්ථාවේ හෘදයාබාධයකින් මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා.
මේ මොහොතේ කණ්ඩායමක් වශයෙන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ද දුනිත්ගේ දුක සමග එකට සිට ගනිමින් සිටියදී ක්‍රිකට් සමඟ වෙලුණු රටක් හැටියට මේ මොහොත දුනිත් සමඟ දුක් විය යුතු වුව ද,වෙනත් න්‍යාය පත්‍ර සමඟ ක්‍රිකට් හී සිටින පිරිස මේ වන විට සමාජ ජාලයේ තමන්ගේ අවස්ථාව සහ උවමනාව ඉටු කර ගන්නට මේ අවාසනාවන්ත සිඳුවීම පෙර ගෙන එමින් තිබෙනවා.
ඒ වෙල්ලාලගේ අවසාන ඕවරයට කැඳවීම ගැන චරිත් අසලංකට දෝෂාරෝපණය කරමින්.වෙල්ලාලගේට මේ අවස්ථාව ලැබෙන්නේ මහේෂ් තීක්ෂණ වෙනුවටයි.ඔහු වෙනුවට මේ මොහොතේ වෙල්ලාලගේ කැදවිම වැදගත් බව අපත් විශ්වාස කළා.වෙල්ලාලගේම නොවුණත් තීක්ෂණට කඩුලු නො‘එන තත්ත්වයක් තුළ වෙනත් අයෙකු යෙදවීම වැදගත් වුණා.ඒ වෙල්ලාලගේ වුණේ තීක්ෂණ දඟ පන්දු යවන්නෙකු වීම නිසයි.
තික්ෂණ ක්‍රීඩා කළානම් 19 වන පන්දු ඒවරය හෝ 20 වන පන්දු ඕවරය ඔහුට යැවීමට සිඳු වෙනවා.තීක්ෂණ කඩුලු අතර නොසිටියත් ලකුණු අඩුවෙන් ලබා දීම හොඳින් සිදු කළා.එහිදී මුල පන්දු ඕවර් කිහිපයක් යවා ලකුණු වේගය අඩු කිරීම සහ අග පන්දු ඕවරයක් මඟින් ලකුණු සීමා කිරීමේ වගකිම ද සහිතවයි.වෙල්ලාලගේට පැවරුණේ එම ක්‍රියාදාමයේ කොටසක් මිස චරිත් අසලංක හෝ සනත් හෝ සැළසුම් සහගතව ඔහුව විනාශ කරන්නට කළ දෙයක් නොවේ.
ඒ නිසා මේ මොහොතේ වෙල්ලාලගේ පියාගේ අවමංගල්‍යය තත්ත්වය සමඟම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීයාව මෙහෙයවන අභාග්‍යසම්පන්න ඉරණම ගැන පැහැදිළිවීම එක් සිදුවීමකට අදාළ නොවන මහා ඛේදවාචකයේ පරිමාව පෙන්වන පිංතූරයක් හැටියට දකින්න ලැබෙනවා.
කෙසේ නමුත් අවසාන ඕවර් දෙකට ලබා ගත් ලකුණු 49 ත් සමඟ කඩුලු 8 ට ලකුණු 169 ක් වූ ඇෆ්ගන් ලකුණු පූවරුව පසුකර යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට මුළු ලකුණු ප්‍රමාණය 22 ක් ව තිබියදී මේ මොහොතේ ඔවුන් සතු විශ්වසනීයම පිතිකරුවා වන පැතුම් නිශ්ශංකගේ කඩුල්ල අහිමි වෙනවා.එහෙත් කුසල් මේණඩිස් ඉතාමත් වගකීම් සහගත ඉණිමක නිරත වෙමින් නැවත වරක් ඔහු සම්බන්ධයෙන් ලෝකය අවධානයෙන් සිටිය යුතු බව සිහිපත් කර දෙන ආකාරයේ ඉණිමක් ගොඩ නඟනවා.ඉතා ක්‍රමාණුකූලව සකස් වූ එම ඉණිමේ ප්‍රවේගකාරම අවධිය නිර්මාණය වන්නේ කමිඳු මෙණ්ඩිස් සමඟයි.
කමිඳු පන්දු 13 න් රැස් කර ගන්නා නොදැවුණු ලකුණු 26 සමඟ තරගයේ වීරයා වන්නට අවශ්‍යය සියලු සුදුසුකම් සහිත ඉණිමක් දියත් කළ කුසල් මෙණ්ඩිස්ගේ නොදැවුණු 74 ට දක්වන දායකත්වය වන්නේ පස්වන කඩුල්ල සඳහා නොබිඳි ලකුණු 52 ක සබඳතාවයක්.එය පන්දු 23 න් ළඟා වූ ඇෆ්ගනිස්ථානයේ පරාජය තහවුරු කළ සබඳතාවය වූවා.
මේ වන විට පිබිදෙමින් තිබෙන ශ්‍රී ලංකා පන්දු රැකිමේ හැකියාව ද ජයග්‍රහණයට පදනම සකස් කළා.එහි අපූර්ව බව සාක්ෂාත් කළ අවස්ථාව වූයේ කුසල් ජනිත් පෙරේරා විසින් හතරේ සීමාව ආසන්නයේ රැක ගත් උඩ පන්දුවයි.ඩරේවිස් රසෝලි දවා ගැනීම වෙනුවෙන් ඔහු රැක ගත් උඩ පන්දුව කඩුල්ලක් අහිමි කිරීමක් වගේම ඇෆ්ගන් පිතිකරුවන්ට වේගවත් පහරවල්වලට යාම සඳහා වන විශ්වාසයට තද බලපෑමක් ඇති කරන්නට සමත් වුණා.
තරගයේ ලකුණු සටහනට පිවිසෙන්න.
https://bit.ly/3IoJfOi
