ට්‍රම්ප්ගේ ඇමරිකානු තීරුබදු තර්ජන හමුවේ කැනඩාව සහ මෙක්සිකෝව එක්ව කටයුතු කිරීමට සැරසේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ ඉහළ යන ආර්ථික පීඩනය හමුවේ කැනඩාව සහ මෙක්සිකෝව එක්ව දෙරට අතර වෙළඳාම සහ ආරක්ෂාව සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට සුදානම් බව වාර්තා වේ.

ඊයේ(18)දිනයේදී කැනඩාවේ අගමැති මාර්ක් කාර්නි සහ මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් මෙලෙස හමුවී ඉදිරි වසර 30ක් වෙනුවෙන් සැළසුම් සහගත සාකච්ජා පවත්වා ඇති අතර මෙහිදී වැඩි වශයෙන් දේශසීමා ආරක්ෂාව සහ අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ සමබන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇත.

කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල් දෙකම එක්සත් ජනපද තීරුබදු වලට ගොදුරු වී ඇති අතර කැනේඩියානු භාණ්ඩ සඳහා 50% ක් සහ සමහර මෙක්සිකානු ඖෂධ සඳහා 25% ක් ද දේශසීමා ආරක්ෂාව සඳහා අමතර 25% ක ෆෙන්ටැනයිල් ගාස්තුවකටද යටත්ය.

ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්දී වෙමින් රටවල් දෙකෙහි නායකයන් දෙදෙනා සඳහන් කර තිබුණේ, තම රටවල් අතර සබඳතා පුළුල් කර ගනිමින් එක්සත් ජනපදය සමඟ ඔවුන්ගේ ආර්ථික හවුල්කාරිත්වයට කැපවී සිටින බවයි.

මෙක්සිකෝව සහ කැනඩාව පිළිවෙලින් එක්සත් ජනපදයේ විශාලතම සහ දෙවන විශාලතම වෙළඳ හවුල්කරුවන් වන අතර එක්සත් ජනපදය දෙරටටම ඉහළම වෙළඳ හවුල්කරු වේ. මෙක්සිකෝව සහ කැනඩාව අතර වෙළඳාම 2024 දී ඩොලර් බිලියන 40.5 ක් වන විට එක්සත් ජනපදය සමඟ කැනඩාවේ වෙළඳ සම්බන්ධතාවය ඩොලර් බිලියන 924.4 ක් පමණ වේ.

ජනාධිපති ට්‍රම්ප්ගේ තීරුබදු කැනඩාව සහ මෙක්සිකෝවේ ආර්ථිකය වෙත තීරණාත්මක වශයෙන් බලපා ඇති අතර මෙක්සිකානු ජනාධිපති ෂයින්බෝම් බොහෝ දුරට වොෂින්ටනය සමඟ සන්සුන්, ගැටුම්කාරී නොවන ප්‍රවේශයක් අනුගමනය කරමින් සිටින අතර තීරුබදු සහන දිනා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් කැනඩාවේ අගමැති මාර්ක් කාර්නි මේවන විට විශාල වශයෙන් දේශීය විවේචනවලට මුහුණ පා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...