ශෂීන්ද්‍ර තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ LNW :

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ලබන 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළ බව සඳහන් වේ. මේ වන විටත් අල්ලස් කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටී.

එම නඩුව විභාග කරන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද දින නිවාඩු ලබා සිටීම හේතුවෙන් මෙම නඩුව ලබන සඳුදා දක්වා කල් තැබීමට නියම වී ඇත.

ඒ අනුව, සැකකාර ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එදින තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කෙරුණු අතර එදින ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 8850000/- ක් වන්දි ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතා මර්දනයෙන් පසු මරණ දඬුවමක් නියම වූ හසීනා යළි බංග්ලාදේශයට යාමට විදේශ ගමන් බලපත්‍රයක් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 11 : බංග්ලාදේශයේ හිටපු...

හිටපු ජනපති රනිල්ගේ ලන්ඩන් සංචාර නඩුව අද යළි කැඳවයි. නීතිපති මතය අද අධිකරණයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ...

අදත් (11) පළාත් පහකට මි.මී. 100ට වැඩි තද වැසි

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 11) දිනයේදී උතුරු සහ...

හේලීස් සුපිරි වෙළඳසැල් ජාලයට AI සමග ලංකාවේ පළමුවරට Blue Yonder තාක්ෂණය

Hayleys Retail Holdings Ltd සිය නව සුපිරි වෙළෙඳසැල් ව්‍යාපාරය...