රූපවාහිනිය එන්ඩ කලිං ගං වල නැඟලාම ගිය කලා මාධ්‍යක්නේ ඔය කොටු නාට්ටි කලාව.
පන්සලට, සමිති සමාගම්වලට ආධාර පිනිස තමා පැවැත්තුනේ.
දොඹගහපුරන වගේ ප්‍රසිද්ධ නාට්ටි කන්ඩායම් වගේම එවෙලෙට ගංවලම අටව ගන්න නාට්ටි කන්ඩායනුත් මේවයේ නාට්ටි කලා.
විනෝදය සහ ආගමික ප්‍රචාරනය ඇරුනම මහ ලොකු දර්ශන නොතිබ්බ මේ නාට්ටිවලට ස්ථිර පිටපතක් හෝ තිබුනේ නෑ.ජෝකර්ටනං තිබ්බ පිටපත කෝමටත් අදාල නෑ.උට හිතෙන හිතෙන විහිලු විතරක් නෙවෙයි අව කැපෙන කුනුහරුපත් කියලා දානවා.ඕඩියන්ස් එකේ ක්ලැප්පෙකට අනුව පිටපතත්, රඟපෑනුත් සනිකව වෙනස් වෙනවා.ඩිරෙක්ටර් කෙනෙක් නමට වගේ උන්නා.
එක ගමක ඔය විදියට දවසක් මනමේ පෙන්නුවා.
ගම්සභාවේ මෙම්බර් තමා ප්‍රධාන ආරාධිතයා.මෑන් එයිට කලිං සැරයක් වෙන ගමකට ගිහිං මනමේ බලලා තිබ්බා. මෑන්ගේ දැනුම පෙන්නන්ඩත්තෙක්ක මෑන් නාට්ටිය පටං ගන්ඩ කලිං වැද්දට කතා කලා.වැද්දට හිටියේ උක්කුවා.
“උක්කුවේ වැද්දාට රෙදි කෑලි හරි යන් නෑ.අඹුඩයක් ගහලා එයිට උඩිං කොල අතු ටිකක් එල්ල ගනිං.”
මෑන් උක්කුවාට උපදෙස් දුන්නේ සෙනඟ මැද්දෙම.හැමෝම ඒක අනුමත කලා.
දැං නාට්ටිය යනවා.මනමෙයි කුමාරියි යන හරහාට වැද්දා බල්ටි හතරක් ගහ ගෙන පැන්නා..කට්ටිය බිය බරාන්ත වෙලා බලාන උන්නා.
“උක්කුං අයියා පිට පස්සටත් බල්ටියක් ගහන්ඩෝ…”
තරුන ප්‍රේක්ෂකයෝ කෑ ගැහුවා..
කීව විදියටම පිටි පස්සටත් බල්ටි තුන හතරක් ගහපු උක්කුවා කොටුව වටේට තවත් බල්ටි වැලක්ම ගැහුවා.ගසලා කෙලිං වෙනකොටම අඹුඩ නූල ටිකෙං ටික බුරුල් වෙන ගතියක් උක්කුවාට දැනුනා.
මනමෙට චැලෙන්ජ් කරලා උක්කුවා මනමෙත් එක්ක සටන පටං ගත්තා.මොන හේතුවකට හරි ගමේ ඇච්චෝ බැච්චෝ වැඩියෙං ලව් කලේ වැද්දට හිටපු උක්කුවාට.
“උක්කුං අයියා..බලිටියක් ගහලම වැඩේ දෙන්ඩෝ..”
උං කෑ ගැහුවා.
දැං එක පොකරෙට වලිය යනවා.මනමේ කුමාරි අත් දෙක සලනවා..ඒ මේ දුවනවා..හයියූ හයියූ ගානවා..එකම මඟුලයි.
මනමේව පැත්තට තල්ලු කරපු උක්කුවා පිටි පස්සට ගිහිං එක පාරටම බල්ටි දෙක තුනක් ගහගෙන මනමේ ලඟට ආවා.
ඈ යකෝ කලිං රිහසල් කරද්දි නිකමටවත් ඩිරෙක්ටර් කියලා දීලා නැති , උක්කුවා අල්ලන මේ අඩව්ව මොකක්ද කියලා හිතා ගන්ඩ බැරිව තක්බීර් වුන මනමේ කුමාරයා, පයිං පාර පපුවට වදින්ඩ කලිං වෙර දාලා උක්කුවාගේ කකුලෙනුයි ඉනෙනුයි අල්ල ගෙන උඩු බැලියෙං උන්නු උක්කුවා ගේ පිට පැත්තට පයිං පාරක් දුන්නා.ඒ අතරේ මනමේගේ අතට දාලා තිබ්බ මොකක්ද එකකට උක්කුවාගේ අඹුඩ ලේන්සුව පැටලුනා.
උක්කුවා ආයෙත් බල්ටියක් ගහ ගෙන පැත්තට පැන්නා.
අඹුඩ ලේන්සුවයි, කොල අතු ටිකයි ඒම පිටිංම ගැලවිලා මනමේගේ අතට ආවා.
නාට්ටිය බල බලා හිටපු ගෑනු උදවිය හෑයි ගාගෙන එලියට පැන්නා.
ඊ ලඟට මොකද කරන්නේ කියලා හිතා ගන්ඩ බැරුව මනමේ කුමාරි ඇස් දෙක වහ ගත්තා.
සනිකව එතනිං චුත වුනු උක්කුවා ආයෙ දකින්ඩ හම්බුනේ දවස් දෙක තුනකට පස්සේ.
……………………………………………
අධ්‍යක්ෂගේ හා නලුවන්ගේ දක්ෂකම හා හැකියාව මත ඕඩියන්ස්සෙක නටවන එක තියෙද්දි ඕඩියන්ස්සෙකට ඕනැ ඕනැ හැටියට නලුවෝ නටවන්ඩ ගියාම වෙන්නේ ඔහොම විජ්ජුම්බර තමා.
මේක දේශපාලනිකව කියනවනං මේ වෙන්නේ සබ්ජෙක්ට් එක තමං ගේ මතවාදී දරිද්‍රතාවය නිසා තමන්ට නොදැනීම තම ප්‍රතිවාදියාගේ ඔබ්ජෙක්ට් එකක් වීම.
සිංහලෙන් කියනවනං නැට්ට විසින් බල්ලා නැටවීම.
……………………………..
ගෝල්ෆේස් අරගලයට විරුද්ධවාදීන් ගෙන ගිය සිල්ලර සටන් පාඨයක් වුනේ එතන උන්නු අය නිරාගමිකයි කියලා. අරගලකරුවන් ඒ සිල්ලර සටන්පාඨය කොච්චර ඔලුවට ගත්තද කියනවනං එයාලා නතර වුනේ අරගලභූමිය අනුරාධපුරේටත් වඩා පත වෙසක් කලාපයක් කරලා.
තෙල් ප්‍රශ්නෙ ආ ගමං ආන්ඩුවේ මතවාදී යාන්ත්‍රනයේ නියමුවන්ට ගෙදර තියෙන ලෑන්ඩ් කෲෂර්රෙකට වඩා ෆුට්බයිසිකලේ මාර වැදගත් වුනා.තෙල් ප්‍රශ්නෙට විකල්ප විසඳුම් විදියට රට වසා දැමීම ඇරුනම ආන්ඩුවේ මජර උපදේශකයින් ඉස්සරාට දැම්මේ ඒ විදියේ දෙකයි පනහේ විකල්ප විසඳුම්. මාසයක් ගියේ නෑ.අරගල භූමියේ බයිසිකල් රේස් එකක් තියලා ගෝටා එලවන එක ඇරුනම, අරගලකරුවන් රටට පෙන්නපු එකම විසඳුමත් බයිසිකලේමයි.
ආන්ඩුවේ කාබනික පිස්සුව හින්දා රටේම ගොවිතැනට කෙලවිලා, වී ගොයියන් පං ගොයියංගේ මට්ටමටම ඇදලා දාපු ආන්ඩුව , දැං ඒ පං ගොයියන්ටයි අනිත් බයියන්ටයි කියනවා ඉස්සරාට එන ආහර අහේනියට මූන දෙන්ඩනං පුලුවං තරං වවන්ඩලු. ඒ අස්සේ උංම බුකියේ තැං තැංවල බෙරිහං දෙනවා, අරගල අතෑරලා , ගෙවල්වලට ගිහිං අල බතල ටිකක් හරි වවහල්ලා යකුනේ කියලා. තෙල් පොහොර ටික නැතුව මොන අලේද ඕයි වවන්නේ කියලා අහන් නැතුව , දැං ඔන්න අරගලකරුවන් අර පට්ට අව්වේ, වැලි කඳු උඩ ඉඳං හෝ ගාලා වවනවා., වවලා බුකියේත් දානවා, ඕං අපිත් වවනවා කියලා පෙන්නන්ඩ.
මේ යන විදියට රාජ්‍ය අනුග්‍රහයෙන්ම අරගලය ඉදිරියට පවත්වා ගෙන යන්ඩ ආන්ඩුවම ඒකට ප්‍රතිපාදන සලස්සන්ඩ තීරනයක් ගත්තත් පුදුම වෙන්ඩ දෙයක් නෑ. මොකද මේ වෙලාවේ,
01.ආන්ඩුවට එරෙහිව නැඟෙන මහජන විරෝධය ගෝල්ෆේස් පිටිය වගේ පොඩි අවකාශයකට සීමා කරලා ඒ තුලම ඒ විරෝධය දිය වෙන්නට ඉඩ හරිමින් සහ
02.තම ප්‍රතිවාදියාගේ සටන් පාඨ තමන්ගේත් සටන් පාඨ කර ගනිමින් ඒවාට සුජාතභාවයක් ලබා දෙමින් සහ ප්‍රතිගාමියාගේ සිල්ලර විකල්ප යෝජනා අත් හදා බලන සහ ඒවාට වක්‍රව අනුග්‍රහය හා ප්‍රචාරනය ලබා දීමට තම අරගලය හා අරගල භූමිය දන් දෙමින්,
අරගලකරුවන් මේ වෙලාවේ ආන්ඩුවට කරන සේවය අගය කිරීම ආන්ඩුවේ යුතුකමක් වන හෙයිනි.
විහිලුවට කාරනයනං උදේ ඉඳං මේ විගඩං නටලා අහවර වෙලා, හවසට ගෝටා ගෝ හෝම් යනුවෙන් අරගලකරුවන් බෙරිහං දෙන්නේ මොන හිතකින්ද යන්නයි.
- වසන්ත සිරි වටගොඩ