සටහන: සශිකලා මධුෂාණි
සිංහල සිනමාවේ එදා මේද තුළ බිහි වූ විශිෂ්ටතම චරිතාංග චිත්‍රපට නළුවෙකු ලෙස කිරුළු පළඳි ජෝ අබේවික්‍රමයන්ගේ 14 වන ගුණානුස්මරණය අද(21)දිනට යෙදී තිබේ.
මේ සටහන එතුමන්ට කෙරෙන ගෞරව පුර්වක උපහාරයයි!
දේශබන්දු ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රම ලෙස 1927 ජුනි 22 දින උපත ලද ජෝ අබේවික්‍රම යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ විචාරක ඇගයීමට ලක් වූ සම්මානීත කෘතහස්ත නළුවෙකි.
1950 දශකයේ මුල් භාගයේ අධ්‍යක්ෂණය කරන ලද ‘දේවසුන්දරී‘ චිත්‍රපටයේ හාස්‍යමය චරිතයක් සමඟින් සිනමා රංගනයට පිවිසි ජෝ ටී. සෝමසේකරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සරදම‘ චිත්‍රපටය, ‘සිරිමලී’, ‘නලගන’, ‘පිරිමියෙක් නිසා’, ‘කොළඹ සන්නිය’ සහ ‘දරුවා කාගෙද’වැනි මුල් චිත්‍රපට සියල්ලේම ඔහු විකට නළුවෙකු ලෙස කැපී පෙනෙන චරිත නිරුපනය කරන්නට විය.
ඉන් අනතුරුව 1962 දී ඔහු ගාමිණී ෆොන්සේකා සමඟ ප්‍රථම වරට රඟපෑ ‘රන්මුතු දූව’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා ආරාධනා ලබන ජෝ ඉන්පසු වසරවලදී ඔහු ‘දීපශිකා, සොල්දාදු උන්නැහේ, චණ්ඩියා, ස්වීප් ටිකට්, අල්ලපු ගෙදර, එක්ටැම් ගේ, සහ සාරවිට‘ වැනි විචාරක පැසසුමට ලක්වූ චිත්‍රපට කිහිපයකම නාට්‍යමය චරිත රැසකට පෙනී සිටි අතර 1965 දී ඔහු සාරවිට චිත්‍රපටයේ “සාරයියා” චරිතය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සරසවිය සම්මානය දිනා ගණු ලැබිය.

1971 දී ඔහු ඩී. බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ ‘වැලිකතර’ චිත්‍රපටයේ “ගෝරින් මුදලාලි” ලෙස රඟපෑ චරිතය හරහා ඔහු සිංහල සිනමාවේ ‘ජෝ’ සිය රංගන ප්‍රතිභාව ශේෂ කිරීමට සමත් විය. මෙම චිත්‍රපටය දේශීය චිත්‍රපට උළෙලවලදී සම්මාන කිහිපයක් ලබා ගත් අතර එය ශ්‍රී ලංකාවේ හොඳම චිත්‍රපට දහයෙන් එකක් ලෙස සැලකේ.
1970 දී මහගම සේකරගේ ‘තුං මං හන්දිය’ චිත්‍රපටයේ ද අනෙක් කැපී පෙනෙන රංගනයන් ගැටවරයෝ හරහා “සේමනේරිස්” ලෙසත්, ‘සැඩොල් කඳුළු’ චිත්‍රපටයේ “ගොළු සේවකයා” ලෙසත් සිදු විය. සැඩොල් කඳුළු චිත්‍රපටයේ ඔහුගේ චරිතය වෙනුවෙන් ඔහු පසුව හොඳම නළුවාට හිමි සරසවිය සම්මානයෙන් පිදුම් ලබන ජෝ ඔහු ජාත්‍යන්තර සහ දේශීය සිනමා උළෙලවල් ඇතුළුව සම්මාන හතළිහක් දිනා ගැනීමට සමත් විය.

ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘බැද්දේගම’ චිත්‍රපටයේ ඔහු “සිලිඳු” ලෙස විචාරක පැසසුමට ලක්වූ චරිතයක් නිරූපණය කළේය. 1982 දී එම චරිතය ඔහුට හොඳම නළුවා ලෙස තවත් සරසවිය සම්මානයක් ලබා ගත් අතර ඔහුගේ ‘දෑස නිසා’ චිත්‍රපටයේ “නිරුදක” චරිතය ද විචාරක පැසසුමට ලක් වේ. ඔහු පීටර් ඔෆ් ද එලිෆන්ට් සහ ද ත්‍රී යෙලෝ කැට්ස් යන ඉංග්‍රීසි චිත්‍රපට දෙකක ද පෙනී සිටියේය.

ජෝ එදිනෙදා ජීවිතයේදී ඔහුට මුණගැහුණු විශේෂ පුද්ගලයන්, තමන්ගේ චරිතවලට ගලපාගන්නට තිබූ නිසඟ හැකියාව හේතුවෙන් මේ හැම චිත්‍රපටයක ම ජනප්‍රියත්වයට හේතු වූ අතර ජෝ අබේවික්‍රමයන්ගේ චිත්‍රපට අතර “බඹරු ඇවිත්” , “සොල්දාදු උන්නැහේ” , “අල්ලපු ගෙදර” , “බැද්දේගම” , “සිරිබෝ අයියා” , “රන්මුතු දූව” , “පුරහද කළුවර” ප්‍රධාන ස්ථානයක් ගනී.

2001 දී ඔහු ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘පුරහඳ කළුවර’ චිත්‍රපටයේ කරන ලද අද්විතීය රඟපෑම සිනමා ඉතිහාසයේ කැපී පෙනෙන සලකුණක් ලෙස සැලකේ. ඔහු 12 වැනි සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත් අතර සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී “පුර හඳ කළුවර” චිත්‍රපටයේ ශෝකයට පත් පියෙකුගේ චරිතය නිරූපණය කිරීම උදෙසා ජෝ අබේවික්‍රම මහතා ආසියාවේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත් අතර එය ශ්‍රී ලාංකිකයෙකු දිනාගත් පළමු අවස්ථාවයි.
ජෝ මිය යන තුරු චිත්‍රපට 172 ක රඟපා ඇති අතර ඉන් 62 ක ප්‍රධාන නළුවා ලෙසත් ඉතිරි 110 ක සහාය නළුවෙකු ලෙසත් රඟපා ඇත. ඔහු ජයග්‍රහණය කර ඇති සරසවි සම්මාන 18ක් ඇතුළුව සමස්ත සම්මාන සංඛ්‍යාව 40කට අධිකය. 1986 සරසවිය සම්මාන උළෙලේදී සිනමාවට කළ සේවය වෙනුවෙන් “රණ තිසර” සම්මානයද දිනා ගත් ජෝ ඉන්දියාවේ ෆිල්ම්ෆෙයාර් සම්මාන සඳහා සහභාගී වූ පළමු ශ්‍රී ලාංකික නළුවා ද වේ.
සිනමාවට අමතරව ජෝ අබේවික්‍රමයන් මල් යහනාව, බැරි සිල් (1960) සහ කැලේ මල් (1962) වැනි වේදිකා නාට්‍ය කිහිපයක ද පෙනී සිටි අතර අඳුරු කොළ, වනස්පති, ගම්පෙරළිය, සකිසඳ එළියස්, ඇසළ කළුවර වැනි රූපවාහිනී කතාමාලා රැසකද ඔහු රංගනයෙන් දායක විය. ජනප්‍රිය විකට කතා මාලාවක් වන සබඳ පබිලිස් හා සකිසඳ එලියස් සඳහා පිටපත් රචනයෙන් සම්බන්ධ වූ ජෝ අබේවික්‍රමයන් එම ටෙලිනාට්‍යයේ එන ප්‍රධාන නළු ඇන්ටන් ජූඩ් විසින් ගායනා කරන ලද “උන පුරුකේ බලු වලිගේ” තේමා ගීතය ද රචනා කරනු ලැබිය.
මේ අතර ටෙලි නාට්‍ය ගීත ගායනය වෙනුවෙන්ද සම්බන්ධ වූ ජෝ අබේවික්‍රමයන් රුපවාහිනියේ නිෂ්පාදනයක් වන ‘තහංචි’ ටෙලි නාට්‍යයේ “වැල් එළියට” ගීතයද ගායනා කළේය.
2005දී “දේශබන්දු” ජාතික සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබූ ජෝ අබේවික්‍රම නැමැති කලාවේ විශිෂ්ඨයා පිළිබඳ ලිවිය හැකි කරුණු නිමක් නැත. සැබැවින්ම ඔහු විශිෂ්ඨයෙකි. 2011 වසරේ සැප්තැම්බර් මස 21 වන දින ජිවන රඟ මඩලෙන් ජෝ නික්ම ගිය අතර එම අඩුව සම්පුර්ණ කිරීමට මෙතෙක් කිසිවකු සමත්ව නැත.
සිංහල සිනමා වංශකතාවේ ගාමිණි ෆොන්සේකා, ටෝනි රණසිංහ මෙන්ම ජෝ අබේවික්‍රමයන්ද ඔටුනු පලන් රජුන් සේ සලකන අතර සිය කුසලතාව දක්ෂතාවය හේතුවෙන්ම ජන මනසේ මතක සටහන් ශේෂ කළ ජෝ සමබන්ධයෙන් විමසීම ම සඳුන් ගසක් කපන්නාක් මෙන් තව තවත් සුවඳ දසත පතිරෙනාවක් වැනිය.
ජෝ වික්‍රමසිංහයන්ගෙන් සිංහල සිනමා වංශයට සිදු වූ සේවය නම් සදා අමරණිය වනු ඇත!