ප්‍රවාහන වෘත්තිකයින්ට ඉන්ධන ලබා දීමේ නව සැලසුමක් – ත්‍රී රෝද රථ සඳහා දිනකට තෙල් ලීටර 8ක් දෙන්නත් එකඟතාවක්

මේ වන විට රට තුළ පවතින් ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රවාහන වෘත්තිකයින් මුහුණ දී සිටින දැඩි අසීරු තත්ත්වය හා ඒ සඳහා කඩිනම් විසඳුම් ලබා ගැනීම වෙනුවෙන් අද (18) විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ බලශක්ති අමාත්‍යංශයේදී සාකච්ජාවක් පැවැත්විය.

එහිදී ප්‍රමුඛතාව අනුව කූපන් ක්‍රමයට ඉන්ධන ලබා දීමට එහිදී එකඟතාවක් ඇති කර ගත් බවයි එම සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමස්ත ලංකා ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තිකයින්ගේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ කැඳවුම්කරු සම්පත් රණසිංහ මහතා පැවසුවේ.

ඒ අනුව ඉදිරි සති එකහමාරක පමණ කාලය තුළ එම නිශ්චිත ක්‍රමවේදය අනුගමනය කිරීමට කටයුතු කරන බවට අමාත්‍යවරයා සඳහන් කර තිබෙන අතර ඉන්ධන හල් හා ඩිපෝ මඟින් එම ඉන්ධන ලබා දීමටයි නියමිතව ඇත්තේ.

මෙහිදී වෘත්තීය ත්‍රී රෝද රථ සඳහා දෛනිකව ඉන්ධන ලබා දීමට යෝජනා වී ඇති අතර එහිදී එක් ත්‍රීරෝද රථයක් සඳහා ඉන්ධන ලීටර 08 ක් අඛන්ඩව ලබා දීමටත්,කාර්යාල ප්‍රවාහන සහ පාසල් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන වෘත්තික රථ සඳහා සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් ඩිපෝ හරහා සහ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් මඟින් එම ඉන්ධන ලබා දීමටත් වැඩපිළිවෙලක් සකස් කරන බවට අමාත්‍යවරයා පොරොන්දු වී ඇත.

යතුරු පැදි සඳහාද එහි අංකය අනුව ඉන්ධන ලබා දෙන දින ගණන නම් කිරීමටත් යෝජනා වී තිබේ.

මෙම සාකච්ජාව සඳහා වෘත්තීය ප්‍රවාහන සංගම් 18ක් එක්ව සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද. අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව අද...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...

මූල්‍ය වංචා සිද්ධියකට හිටපු ඇමති චාමර සම්පත්ගේ ලේකම්වරයකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක...

මැණිකක් රකින නයෙක් වගේ අපි ඩොලර් පෙට්ටියයි රුපියල් පෙට්ටියයි ආරක්ෂා කරනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුව මැණිකක් රකිනා නාගයෙකු මෙන්...