ලබන සතියේ පාසල් පැවැත්වෙන්නේ මෙහෙමයි!

Date:

එළඹෙන සඳුදා (20) සිට සිකුරාදා (24) වැ වන සතිය තුළ පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරිම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිළධාරීන් හා පළාත් අධ්‍යාපන නිළධාරීන් සමඟ 2022.06.18 දින මාර්ගගත තාක්ෂණය ඔස්සේ පවත්වන ලද සාකච්ඡාවේදී ඉදිරිපත්වූ තොරතුරු පදනම් කරගෙන 2022.06.20 සිට 2022.06 24 දක්වා වූ සතිය තුළ පාසල්වල අධ්‍යයන කටයුතු පහත සඳහන් පරිදි පැවැත්වීමට තීරණය කර ඇත.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මඟින් පළාත්වල කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගෙන් ද විදුහල්පතිවරුන්ගෙන් ද ලබාගන්නා ලද අදහස්ල මෙම තීරණ ගැනීමේදී අවධානයට යොමු කරන ලදී.

  1. ප්‍රාදේශීය මට්ටමින් අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින පාසල් හි සිසුන්ටල ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ප්‍රවාහන අපහසුතා බලනොපාන තත්ත්වයන් යටතේ එම පාසල් ආරම්භ කර පවත්වාගෙන යෑම සඳහා පළාත් අධ්‍යාපන නිළධාරීන්ට අවසර ලබා දෙන ලදී.
  2. එමෙන්ම, යම් පාසලක පැමීණිමට නොහැකිවන සිසුන් සහ ගුරුවරුන් සංඛ්‍යාව සැලකිල්ලට ගැනීමේදි එම තත්ත්වය මතද පාසල පවත්වාගැනීමට හැකියාවක් පවතින්නේ නම්ල ඒ සදහා විදුහල්පතිවරුන්ට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සමග සාකච්ඡාකර සුදුසු පියවර ගැනීම සදහා අවසර ලබා දෙන ලදි.
  3. පාසල පැවැත්වුවද යම් සිසුන් කණ්ඩායමකට සහභාගිවීමට නොහැකි නම්ල එම සිසුන් සඳහා මාර්ගගත ඉගැන්වීම සඳහා පහසුකම් පවතින්නේ නම් එම ක්‍රමය භාවිතා කිරීමට හැකියාව පවතී.
  4. බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන්න නගර ආශ්‍රිතව සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් මෙම සතියේ දී නොපැවැත්විමට තිරණය කරන ලද අතරල ප්‍රධාන නගර නොවන ප්‍රදේශවල පිහිටි පාසල් සම්බන්ධව සුදුසු පරිදි කටයුතු කිරිමට බස්නාහිර ඇතුලු සියලු පළාත් අධ්‍යාපන නිළධාරීන්ට අවසර ලබා දෙන ලදී.

5.සතියේ දිනවල මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම පහසුවනු පිණිස මහජන උපයෝගිතා කොමිසම පෙ.ව 08.00 සිට දහවල් 01.00 දක්වා විදුලිය විසන්ධි නොකිරිමට එකගවී ඇත.

මෙම කාලය තුලදි විදුහල්පතිවරුන් හා ගුරුවරුන් විසින් ස්වේච්ඡාවෙන් සිදුකරනු ලබන රාජකාරිය, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අගය කරනු ලබන අතරල එය එසේ සලකා කටයුතු කරන ලෙසට පළාත් අධ්‍යාපන නිළධාරීන් වෙත වැඩිදුරටත් උපදෙස් ලබා දෙන ලදී.

මෙම සතිය තුල සිදුවන ක්‍රියාවලිය අවධානයට යොමුකර එය සමාලෝචනයට ලක් කිරිම සඳහා ලබන සෙනසුරාදා එනම් 2022.06.25 දින පළාත් අධ්‍යාපන නිළධාරීන් ද සමඟ පවත්වනු ලබන සාකච්ඡාවෙන් පසු ජුනි 27 දිනෙන් ආරම්භ වන සතිය පිළිබදව තිරණය නිකුත් කරනු ලැබේ.

මාධ්‍ය ඒකකය
අධ්‍යාපන අමාත්‍යාංශය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...