විදුලි සේවකයින් පිරිසක් සමාගම් වෙත යාමට කැමැත්ත පළකරද්දී අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයත් තවදුරටත් ක්‍රියාත්මකයි!

Date:

කොළඹ LNW:සංශෝධිත විදුලි බල පනත ක්‍රියාත්මක වීම වළක්වාලන ලෙස බලකරමින් විදුලි සේවකයින් විසින් ආරම්භ කර තිබෙන
අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කළ පරිදි අද (24) මධ්‍යම රාත්‍රී දක්වා ක්‍රියාත්මක කරන බව විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මික ශිල්පීන්ගේ සංගමය පවසයි.

ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව අද දින තීරණයක් ගන්නා බවයි එහි එහි සභාපති කෝසල අබේසිංහ මහතා සඳහන් කරන්නේ.

නව ප්‍රතිව්‍යුහගතකරණය යටතේ විදුලි බල මණ්ඩලය පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් හතරකට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කා තිබෙන අතර ඊට විරුද්ධත්වය ප්‍රකාශ කින් විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති කිහිපයක් එක්ව විරෝධතා ක්‍රියාමාර්ග ගන්නා ලදී.

මෙම නව ප්‍රතිව්‍යුහගතකරණය හරහා විදුලි බල මණ්ඩලය පෞද්ගලිකකරණයක් කිරීමක් සිදුනොවන අතර ඊට එකඟ නොවන අයට වන්දි ලබාගෙන සේවය අවසන් කළ හැකි බවට රජය නිවේදනය කර තිබේ.

මේ අතර විදුලි සේවකයින්ගෙන් කොටසක් තමන් අදාළ සමාගම් වෙත අනියුක්ත වීමට කැමැත්ත පළකරමින් විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරිය වෙත ලිපි ලබා දීමක්ද පසුගිය 22 දා සිදුකරන ලදී.

2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනත අනුව පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ජාතික පද්ධති පාලන (පුද්) සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම් (පුද්) සමාගම, විදුලිබල බෙදාහැරීමේ ලංකා (පුද්) සමාගම සහ විදුලි ජනන ලංකා (පුද්) සමාගම ලෙස සමාගම් 04ක් ස්ථාපිත කිරීමට නියමිතය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...