අල්ලස සහ දූෂණයෙන් තොර රටක ආයෝජනයට නවසීලන්ත රජය සූදානම්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24 කොළඹ LNW :

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා අතර විශේෂ හමුවක් ඊයේ (23)  ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදුවිය.

මෙහිදී නවසීලන්ත මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ දූෂණය පිටුදැකීමට අරගල කරන වත්මන් රජයේ විනිවිදභාවයෙන් යුතු වැඩපිළිවෙල තම රට අගය කරන බවත්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ වර්ධනයටත්, සංස්කෘතික කටයුතු පුනරුදයටත්, තිරසර සංචාරක කර්මාන්තය සඳහාත් දායකත්වය ලබාදිය හැකි බවයි.

දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වත්මන් රජය යටතේ අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉතා සමීපව ක්‍රියාකරන බව පැවසූ අමාත්‍යවරයා, ගුවන්, නාවික, ගොඩබිම් සහ දුම්රිය මගින් සිදුකරනු ලබන සැපයුම් සේවා සඳහා ජාතික සැලසුමක් (National Logistical Framework) ඉදිරියේ දී ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරන බව ද වැඩිදුරටත් පැවසීය.

මෙහිදී බිමල් රත්නායක අමාත්‍යවරයා, ‘ඉතිහාසයේදී මෙරට රාජ්‍ය පාලනය සහ පාර්ලිමේන්තු ක්‍රියාදාමය පිළිබඳ අයහපත් තත්ත්වයක් පැවති බවත් වත්මන් රජය යටතේ එම ක්‍ෂේත්‍රවල විනයානුකූලභාවය වැඩි දියුණු කිරීමට කටයුතු කරන බවත් නවක මන්ත්‍රීවරුන්ද රජයේ ආදර්ශමත් වැඩපිළිවෙළට දායකත්වය දක්වමින් ක්‍රියාකරන බවත්’ පැවසීය. ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ අල්ලස සහ දූෂණය මුළුමනින්ම තුරන් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බැවින් නවසීලන්ත ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාවන් කෙරෙහි උනන්දු කරවීමට හැකි බව ද මහ කොමසාරිස්වරයා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේය.

ශ්‍රී ලංකාවේ නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස් ගේබි්‍රයල් ඉසාක් (Gabrielle Isaak) මෙනෙවිය ද මෙම අවස්ථාවට සහභාගි වූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිලිපීනයට බලපෑ 21ක් වන සුළි කුනාටුව හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පිලිපීනයට බලපෑ...

නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිමට මෙහෙයුම් කමිටුවක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : මෙරට ක්‍රියාත්මක නිදහස්...

සූරතාවය ගිලිහුණත් පළග සූරතාවය ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ නොවැම්බර් 09, කොළඹ LNW: ඉකුත් වර්ෂයේ සූරතාවය දිනා...

මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...