ආසියානු කුසලානය දුරස් වෙයි

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 24, කොළඹ LNW:

ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට අපරාජිතව පිවිසුණ ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානය ඉදිරියේ ද කුඩුලු පහකින් පරාජය ලැබීමත් සමඟ ආසියානු කුසලානය සම්බන්ධයෙන් ඇති කර ගත් බලාපොරොත්තු නැති කර ගන්නට සිදු වුණා;මේ වන විට පවත්වා ඇති තරග අතරෙන් බංගලාදේශය සහ පකිස්තානය අතර පැවත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට අනිවර්යෙන් අවසාන තරගයේ ඉඩක් හිමි වන නිසා ශ්‍රී ලංකාව ඉතිරිව ඇති තරගය ජය ගැනීම,එහිදී හොද ලකුණු වේගයක් ලබා ගැනීම වැනි කාරණා මත අවසානය තීරණය වන තත්ත්වයක් උද්ගතව ඇති බැවින් ශ්‍රී ලංකාවට අවසාන තරගය කරා පිවිසෙන්න තිබෙන ඉඩ අඩු වෙන්න නියමිතයි.


ඊයේ තරගයට කැදවපු චාමික කරුණාරත්න කුමන හේතුවකට කැදෙව්වාද යන්න තවමත් පැහැදිළි නැහැ.එහි අදහස ඔහුගේ කැදවීම වැරදියි කීම නොවේ.ඔහුගෙන් ප්‍රයෝජන ගත්තේද යන්නයි.අංක 8 පිතිකරුවා චාමික පිටියට එන විට ලකුණු පූවරුව දැක් වුණේ ලකුණු 80 ට කඩුලු 6 ක් ලෙසයි.ඒ වන විට සාර්ථක ඉණිමක් ගොඩ නඟමින් හිටි කමිදු මෙණ්ඩිස්ට සහයෝගය දීම ප්‍රධාන කර ගත් චාමික ඒ සඳහා සිය කඩුල්ල රැකගෙන කමිදුට අවස්ථාව ලබා දුන්නා.ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර් 20 තුළ සියල්ල දැවී යාමේ ඛේදවාචකයෙන් ගැල වුණා.කමිදු ලකුණු 59 ක් රැස් කළා.පන්දු ඕවර් 20 අවසානයේ ශ්‍රී ලංකාව කඩුලු 8 ක් පමණක් දැවී ලකුනු 133 ක් රැස් කර ගත්තා.
ඒ ආකාරයට බැලුවොත් චාමික පිත්තෙන් පැවරුණු වගකීම ඉෂ්ඨ කරලා කමිදුත් එක් කණ්ඩායමේ හොදම කඩුලු සබඳතාවය වන ලකුණු 43 ක් හත්වන කඩුල්ලට ඇති කරන්නට සමත් වෙනවා.එහෙත් පන්දු යැවී ඉලක්ක කරගෙන කැද වූ චාමිකව පන්දු යැවීමට 10 වන පන්දු ඕවරයේදී කැදවීමෙන් පසුව නැවත කැදවීමක් සිඳුවන්නේ නැහැ. ඔහුට එක හතරේ පහරක් එල්ල වෙනවා.වයිඩ් පන්දු දෙකක් යවනු ලබනවා.එය පන්දු යවන්නෙක් විදිහට කණ්ඩායමට කැඳවපු ක්‍රීඩකයෙක්ව නැවත පන්දු යැවීම සඳහා නොකැදවීමට හේතුවක් නොවේ.

කෙසේ වුණත් පිතිකරණයේ දී මුල අඩපණ වීම නිසා ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකි වුණේ කඩුලු 8 ලකුණු 133 ක් පමණයි.එම ලකුණු ප්‍රමාණය තරගයක් ජය ගැනීමට ප්‍රමාණවත් නොවන බව පැහැදිළියි.එහෙත් ලකුණ 80 ක් වෙද්දි ශ්‍රී ලංකාව පකිස්තානු කඩුලු 5 ක් දවා ගන්නවා.12වන ඕවරයේ තිබුණ මේ තත්ත්වය නිසා පස්වන කඩුල්ල දැවීයන විට කඩුලු පහක් අතැතිව පන්දු 53 දී ලකුණු 54 ක් රැස් කිරීමේ අභියෝගයක් වරා තිබුණ ශ්‍රී ලංකාවෙන් තරගය උඳුරා ගන්නේ හුසේන් තලාත් (32) සහ මොහොමඩ් නවාස් (38) දෙදෙනායි.ඔවුන් නොදැවී රැස් කර එම ලකුණු සමඟ ඇති කළ ලකුණු 58 ක සබඳතාවය නිසා ශී ලංකාවට ජයගහණය ගැන අදහස අත හැර ගන්නට සිදු වුණා.
ශ්‍රී ලංකා ලකුණු පූවරුව ඉහළ යාම සිදු නොව්නට හේතු වුණ ප්‍රධානව කරුණු දෙක වුණේ කුසල් මෙණ්ඩිස් සහ දසුන් ශානක මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී යාමයි.
ලකුණු විස්තරයට පහතින් පිවිසිය හැකියි.
https://bit.ly/3KgMN5P

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...

සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : තමන්ගේ ගේ දොර...

“Michael” පොප් ලෝකයේ අමරණීය නැට්ටුක්කාරයාගේ යටගියාව එක් සිනමාංගයකින් 2026 දී!

සටහන – පුලී නොවැම්බර් 09, කොළඹ (LNW):සිනමා විශ්වයන් තිර ආධිපත්‍යය...

අය වැය සහ ක්‍රීඩාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් වෙන්...