හිටපු නාවික හමුදාපතිට අදත් ඇප නෑ!

Date:

කොළඹ LNW: හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න මහතා එළඹෙන ඔක්තෝබර් 8 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොල්ගහවෙල මහෙස්ත්‍රාත් උදුම්බරා දසනායක මහත්මිය අද (24) නියෝග කළේය.

අලව්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව මත, හිටපු නාවික හමුදාපතිවරයාට අමතරව හිටපු බුද්ධි ප්‍රධානි රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් මොහොට්ටි ඇතුළු තිදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත විය.

අද මහෙස්ත්‍රාත් නිල මැදිරියේදී නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින සැකකරුවන් සහ බන්ධනාගාරගතව සිටින 10 වන සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර උඩුදුම්බර බන්ධනාගාරයේ සිටින 11 වන සැකකරු වන හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න සහ හිටපු නාවික හමුදා බුද්ධි ප්‍රධානි සරත් මොහොට්ටි ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගෙන තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විත්ති පාර්ශවයේ නීතිඥයන් සහ වින්දිතයාගේ නීතිඥවරිය කරුණු දැක්වූ අතර ඒවා සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය උක්ත නියෝගය ලබාදී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...