කෙටි කාලයක් සඳහා බලය ලබා ගැනීමේ අරමුණින් ගෙන එන ව්‍යවස්ථා වලින් ජනතාවට සෙතක් නැහැ – අමාත්‍ය රොෂාන් රණසිංහ

Date:

රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි.එය ඉතා ශක්තිමත් දිගුකාලීන එකක් විය යුතු බවත්, කෙටි කාලයක් සඳහා බලය ලබා ගැනීමේ අරමුණින් ගෙන එන ව්‍යවස්ථා වලින් ජනතාවට සෙතක් නැති බවත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.පසුගියදා ක්‍රීඩා අමාත්‍යංශයේදි පොළොන්නරු දිස්ත්‍රික්කයේ දේශපාලන ක්‍රියාකාරීන් හමු වූ අවස්ථාවේ තව දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයාට හෝ ජනාධිපතිවරයාට කෙටිකාලීනව බලය ලබා ගැනීම සඳහා ව්‍යවස්ථා හදනවා වෙනුවට රටත් ජනතාවත් ගැන සිතා අදාල තනතුරු වලට නිසියාකාරව බලය ලැබෙන අයුරින් ව්‍යවස්ථාව නිර්මාණය විය යුතු බව ද පෙන්වා දුන්නා.

රටේ නායකයා තේරීම රටේ සමස්ත ජනතාවට ම අයිති කාර්යයක්.එසේ සිදුවිය යුත්තේ ජනතා පරමාධිපත්‍යයට අනුවයි. ජනතා පරමාධිපත්‍ය සුරැකෙන ව්‍යවස්ථාවකට අනුව රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති සම්පාදනය විය යුතුයි. එසේ නොවන තාක් රට නිවැරදි දිසාවකට ගෙනයාම අසීරුයි’’ එසේ අදහස් දැක් වූ අමාත්‍යවරයා රටේ නායකයා පත්විය යුත්තේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් නොව දෙකෝටි විසිපන් ලක්ෂයක් වූ සමස්ථ රටේ පුරවැසියන්ගේ කැමැත්ත මත බවත් ප්‍රකාශ කරනු ලැබුවා.

එසේම කුමන තනතුරකට කවුරු ආවත් ඔහු විනිවිදභාවයෙන් යුතුව කටයුතු කළ යුතු බවත්. ඒ සඳහා නීතිරීති සම්පාදනය විය යුතු බවත් මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

ලෝකය පුරා පැතිරී යන Labubu මේනියාව!

සටහන – පුලීජූනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැක්කම හුරුබුහුටි, තවකෙකුට...