ඉන්ධන අර්බුදය උග්‍ර වෙයි – සති දෙකකට පාසල් වැසෙන ලකුණු

ඉන්ධන හිගය ඇතුළු රට මුහුණ දී සිටින අර්බුදවලට තාවකාලික පිළියමක් ලෙස සති දෙකකට රාජ්‍ය ආයතන වසා දැමීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා. පාසල්වලටද සති දෙකක නිවාඩුවක් ලබා දී මාර්ගගත ක්‍රමයට ඉගෙනුම් කටයුතු සිදු කිරීමටයි යෝජනා වී තිබෙන්නේ.

කෙසේ නමුත් මේ දක්වා ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති අතර අවසන් තීරණය ගැනීම සඳහා අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

කොවිඩ් වසංගතයට මුහුණ දුන් ආකාරයෙන්, රට ලොක්ඩවුන් කර ඉන්ධන අර්බුදයට මුහුණ දිය යුතු බවට යෝජනා වී තිබෙන නමුත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඊයේ රජයේ නිළධාරීන් වෙත දැනුම් දී තිබුණේ එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

ලබන සතියේදී තවත් ඉන්ධන නෞකාවක් මෙරටට ලඟාවීමට නියමිතව තිබෙන අතර මේ නිසා කිසිදු ඉන්ධන හිගයක් ඇති නොවන බවයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පවසා තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක කිහිපයකට පසු ඉහළම ඡන්දදායක සහභාගීත්වයක් සහිතව ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඊශ්‍රායලයේ පැවැත්වෙන...

මදුශංක පාකිස්තානය කඩා විසුරවයි: කමිඳු තම කාර්යය සම්පූර්ණ කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ලාහෝර්හි පැවති එක්දින...

කථානායක ජගත්ට එරෙහිව භාරදීමට නියමිත සංශෝධිත විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය...