IMF නියෝජිත පිරිස සහ රනිල් අතර සාකච්ඡා ඇරඹෙයි

Date:

දිවයිනට පැමිණ සිටින, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිස මේ වනවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා පවත්වමින් සිටිනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි ශ්‍රී ලංකාවට මුල්‍ය ආධාර පිරිනැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම නියෝජිත පිරිස පැමිණියේය. අග්‍රාමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ මෙම මාසය අවසන්වීමට පෙර මුල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණිය හැකි යැයි අපේක්ෂා කරන බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 03 ක මුල්‍ය ප්‍රදානයක් රජය අපේක්ෂා කරයි.

ඉන්ධන, ඖෂධ, ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා හෝ ඩොලර් සොයාගත නොහැකි මට්ටමට අර්බුදය උත්සන්න වී ඇති අතර පෙනෙන තෙක් මානයේ ඇති එකම විකල්පය මුල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම වී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

තිදෙනෙකුට ජීවිත අහිමි කළ මාරක රිය අනතුර!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: අද (08) සවස,...

ඉන්දියාව සහ මැලේසියාව අතර ශක්තිමත් සබදතාවක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්