*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ඇරොන් ෆින්ච් කි කතාව හරි යයි

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ගැන විමසද්දි ශ්‍රී ලංකාව තර්ජනයක් විය හැකි කන්ඩායමක් බව පවසන ඇරොන් ෆින්ච් විශේෂයෙන් කුසල් මෙණ්ඩිස් ගැන සඳහන් කරමින් කියා සිටියේ ඔහු වැනි පිතිකරුවෙක් ඕනෑම මොහොතක ඕනෑම කණ්ඩායමකට තර්ජනයක් විය හැකි බවය.ෆින්ච්ගේ කතාව යථාර්තයක් කරමින් ඕස්‍රටේලියාවට එරෙහි එක්දින කරඟාවලිය පුරා මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථකම පිතිකරුවා වෙන්නට කුසල් මෙණ්ඩිස්ට හැකි වී ඇත.පළමු තරග දෙකේදී ශ්‍රී ලංකා පිතිකරුවාගේ හොඳම ඉණිම සටහන් කළ කුසල් තෙවන එක්දින තරගයේදී ද අනර්ඝ ඉණිමක් ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංකගේ ජයග්‍රාහී ඉණිමට මනා සහයක් දෙමින් ඔහු සමඟ දෙවන කඩුල්ලට ලකුණු 170 ක අඛන්ඩ සබඳතාවයක් පවත්වන්නට සමත් වුණා.
කුසල් ආබාධයක් මත පිටියෙන් ඉවත් වන විට පන්දු 85 ට ලකුණු 87 ක් ලබා සිටි අතර ඉතිරි ලකුණු 13 සඳහා ආබාධය සමඟ ක්‍රීඩා කරද්දී ලකුණු ලබා ගැනීමේ වේගයට හානි වන බැවින් ඔහු කණ්ඩායමට පළමු තැන දි ඉවත්වීමට තීරණය කළා.පන්දු 39 න් අර්ධ ශතකයට පිවිසි මෙණ්ඩිස් මේ තරගයේදී ද ශ්‍රී ලංකාව හඹා යා යුතු ලකුණු වේගය පසු පන්දු ඕවර්වලදී පීඩනයක් ඇති නොකරන තත්ත්වයට පහසු කරන්නට පෙරමුණ ගත්තා.
මෙණ්ඩිස් නික්ම යාමෙන් පසු එම වගකීම තම දෙ’උර මත තබා ගත් පැතුම් නිශ්ශංක ඊයේ දවසේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දැකිය හැකි මනරම්ම ඉණිමක් දියත් කරා.සංයමය සමඟ වේගය මුසු වූ ක්‍රමිකව වේගවත් වූ පැතුම්ගේ සුවිශිෂ්ට පිති හරඹය පන්දු 147 ක් තුළ ලකුණු 137 ක් එක් කළ ඉණිමක් වුණා.ඕස්ට්‍රේලියාව බලාපොරොත්තුව සිටි තර්ජනය වේගවත්ව බලපෑම කරන අතර තුර ඉතාමත් නිවුණු ස්වරූපයකින් පන්දුව හොඳින් කියවා ගැනීමට හැකි පරිදි තෙම්පරාදු වූ පැතුම් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් අපේක්ෂා කළ පැතුම් සියල්ල ඉටු කරමින් ලබා ගත් ලකුණු 137 ට හයේ පහර දෙකක් සමඟ හතරේ පහර එකොළහක් එකතු වී තිබුණා.මේ දායකත්වය නිසා ඕස්ට්‍රේලියාව වැනි ප්‍රබල කණ්ඩායමකට එරෙහිව පසු කර යා යුතු දුෂ්කර ඉලක්කයක් වූ ඔවුන් ලබා ගත් ලකුණු 291 නියමිත පන්දු ඕවර් 50 ට පන්දු නවයක් මෙපිටින් සහ කඩුලු හයක් අතැතිව ලබා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.
පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාවට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හොඳ තර්ජනයක් එල්ල කරනු ලැබුවා.ඒ නිසා ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පහසුවෙන් පන්දුවට මුහුණ දුන් බවක් දකින්නට ලැබුණේ නැහැ.නමුත් ඇරොන් ෆින්ච් කල්පනාවෙන් ලබා ගත් ලකුණු 62 ට පදනම්ව කඩුලු බේරි තිබීම නිසා අවසන් පන්දු ඕවර් වෙත ළඟා වෙද්දී අභියෝගය භාරගෙන අත පය දිග හැරිය හැකි යම් මට්ටමකට ඕස්ට්‍රේලියා පිතිකරුවන් පත්ව තිබුණා.ඒ අතරින් මැද පෙළ ශක්තිමත් කරමින් ඇලෙක්ස් කෙරී සහ ට්‍රෙවිස් හෙඩ් පස්වන කඩුල්ලට එක් කළ ලකුණු 72 ඔස්ට්‍රේලියාවේ ලකුණු පූවරුව 291 ක් වීමට ප්‍රධාන වශයෙන්ම බලපානු ලැබුවා.ඒ අතරින් අර්ධ ශතකයට ලකුණක් මෙපිටින් දැවී ගිය කෙරී මෙන්ම අවසන් මොහොතේ දැඩි ප්‍රචණ්ඩ ප්‍රහාරයක් දියත් කරමින් පන්දු 65 දී ලකුණු 70 ක් ලබා ගත් ට්‍රෙවිස් හෙඩ් පන්දු ඕවර් 50 නිම වන විට ඕස්ට්‍රේලියා ඉණිම කඩුලු හයකට ලකුණු 291 ක බවට පත් කළා.
කැපී පෙණුන පන්දු යවන්නා ව ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු තුනකට වග කීවේ ලකුණු 49 ක් පමණක් ලබා දෙමින්.දුෂමන්ත චමීර,ධනංජය සිල්වා සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැඟින් දවා ගත්තද,කඩුලු දවා ගැනීමට අපොහොසත් වූ මහේෂ් තීක්ෂණ සිය පන්දු ඕවර් 10 ලකුණු 37 සීමා කිරීමත් කැපී පෙණුනා.
ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් වුව ද,ජෙයි රිචඩ්සන් මනා පාලනයකින් යුතුව පන්දු යවමින් පන්දු ඕවර් 9 ලකුණු 39 ට සීමා කරමින් දැවී ගිය කඩුලු හතරෙන් දෙකකම හිමිකරුවා බවට පත් වුණා.මේ වන විට ශ්‍රී ලංකාව තරඟ පහකින් යුත් එක්දින තරගාවලියේ 2-0 ක් ලෙස ඉදිරියෙන් සිටිනවා.තරගාවලිය ජය ගැනීමට ඉදිරි තරඟ දෙකෙන් එකක් ජය ගැනීම අතිශයින් වැදගත් වන අතර මේ වන විට ලකුණු අතර සිටින කුසල්ට ඉදිරි තරග සඳහා සුවය ලැබීම ඉතා වැදගත් වෙනවා. මේ දක්වා තරගාවලිය තුළ කුසල් දක්වා තිබෙන දස්කම් නිසාත් ප්‍රතිවාදී ඕස්ට්‍රේලියානුවන් තුළ පීඩනයක් ඇති කිරීමට ඇති හැකියාවත් නිසා ඔහුගේ සුවය ශ්‍රී ලංකා කණ්ඪායමට ධනාත්මක පිවිසුමකට මඟ කියනු ඇති.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan