ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සභාව අමතන විට රාජ්‍යතාන්ත්‍රිකයන් අසුන්වලින් නැගිට පිටව යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(26)දිනය ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ 80වන මහා මණ්ඩලය අමතමින් සිටියදී ඔහුගේ කතාවට විරෝධය පළකරමින් රටවල් 50කට වැඩි ප්‍රමාණයකින් සම්බන්ධ වූ රාජ්‍යතාන්ත්‍රිකයන් 100 කට අධික සංඛ්‍යාවක් සිය අසුන් වලින් නැගිට ශාලාවෙන් පිටව එම කතාව වර්ජනය කර ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත්, සභාව අමතමින් බටහිර රටවල් මෑතකදී පලස්තීන රාජ්‍යත්වය පිළිගැනීම සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනය කළ නෙතන්යාහු පක්ෂග්‍රාහී මාධ්‍ය, රැඩිකල් ඉස්ලාමීය ඡන්දදායකයින් සහ යුදෙව් විරෝධී මැර කල්ලිවල පීඩනය යටතේ යුරෝපා ජාතින්ගේ නැමෙනසුලු ස්වභාවය දැඩිව විවේචනය කර තිබිණි.

මෙහිදී වසර දෙකකට ආසන්න කාලයක් පුරා පැවති ගාසා තීරයේ ඊශ්‍රායලයේ යුද්ධය ඊශ්‍රායලයට එරෙහි දේශපාලනික සහ නීතිමය යුද්ධයක් ලෙස වර්ධනය වන ගෝලීය විවේචන ප්‍රතික්ෂේප කළ ඊශ්‍රායල අග්‍රාමාත්‍යතුමා එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 න් ප්‍රංශය, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ අනෙකුත් යුරෝපීය රටවල් 157ක් පලස්තීන රාජ්‍යයක් පිළිගනිම ලැජ්ජා සහගත සහ නින්දිත ලෙස සඳහන් කර තිබිණි.

හමාස් සංවිධානය විසින් 2022 ඔක්තෝබර් 7 වන දින සංහාරය සිදු කළ සහ සහාය දුන් නොඉවසන උන්මත්තකයන්ට අවසාන විපාකය ලබා දෙන බවත්, ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 48 දෙනාම නිදහස් නොකළහොත්, ඊශ්‍රායලය ඔබව දඩයම් කරනු ඇති බවත් මෙහිදී ප්‍රකාශ කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නැගීමට “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි

දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි...

කථානායක ජගත්ගේ පෞද්ගලික ලේකම්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්...

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...