මෙරට සිටින ආබාධිත සිසුන් විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අදාළ ප්‍රතිපත්තියේ කෙටුම්පත ගැන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියූ දේ..

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27 කොළඹ LNW :

මෙරට සිටින ආබාධිත සිසුන් විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අදාළ ප්‍රතිපත්තියේ කෙටුම්පත මේ වන විට සකස් කොට අවසන්ව ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියා සිටී. කොමිෂන් සභාව ඒ බව පවසන ලද්දේ, විශ්වවිද්‍යාලවට සම්බන්ධ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනු කාරක සභාව සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරු අතර පාර්ලිමේන්තුවේදී පැවැති සාකච්ඡාවදීය.

ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගන්නා සිසුන් සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳවද එහිදී සාකච්ඡාවී තිබේ.

බාහිර උපාධි ලබාගන්නා උපාධිධාරීන් රැකියා වෙළඳපොළ තුළ ස්ථානගතවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවූ බව, පාර්ලිමේන්තුවේ සංනිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය. බාහිර උපාධිවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් මෙන්ම එවායේ තත්ත්වය ගුණාත්මක ආකාරයෙන් පවත්වාගෙන යාම වෙනුවෙන් අවශ්‍ය ඉදිරි පියවර ගැනීමටද  එහිදී සාකච්ඡා වී තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, මෙම අනු කාරක සභාව පිහිටුවනු ලැබූ අතර උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අවශ්‍ය කරුණු සොයාබලා වාර්තා කිරීම එමගින් සිදුකෙරෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසර සඳහා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය ඉක්වමවූ ආදායමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: මුදල් අමාත්‍යංශය මගින් 2025...

ඉන්දියාව සිව්වන තරගයත් ජය ලබයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 29, කොළඹ LNW: කඩුලු 2 ක් දැවී...

වැසි තත්වයේ වෙනසක් – අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 29) දිනයේදී ඌව පළාතෙත්...