කොළඹ LNW:ඉදිරි දින 10- 12 තුළ මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකා භූමියෙන් තුරන් කිරීම සඳහා වූ ජාතික ව්‍යාපාරක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
රටේ අනාගත පරපුර ආරක්ෂා කරගැනීමේ බරපතල වගකීමක් ආණ්ඩුව සතු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
”අපි ඒ අභියෝගය අරන් තියෙනවා. විශේෂයෙන් මේකේ ප්‍රධාන කාර්යය තියෙන්නේ, මත්ද්‍රව්‍ය සැපයුම රට තුළට ගලා ඒම වැළැක්වීම. එක පැත්තකින්, අනිත් පැත්තෙන් මත්ද්‍රව්‍ය සඳහා තියෙන ඉල්ලුම අවම කිරීම. මත්ද්‍රව්‍ය රට තුළට ගලා ඒම වැළැක්වීම සඳහා තියෙන ආයතන අතර ප්‍රධානතම ආයතනය ශ්‍රී ලංකා පොලිසිය. ඒ හින්දා අපි රජයක් හැටියට තීන්දු කරලා තියෙනවා, කොච්චර අභියෝගකාරී වුණත්, මේ ප්‍රශ්නයේදී, මේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනය කෙරෙහි ප්‍රමුඛ කාර්යයක් කොට සලකලා, කටයුතු කරන්න. අපි ඉදිරි ඒ සඳහා වැඩපිළිවෙළක් මේ රටට එළිදක්වනවා. අපි මේ වෙනකොට අමාත්‍ය මණ්ඩලය තීන්දු කරලා තියෙනවා අන්තරායකර පාලක මණ්ඩලය, අධිකරණ අමාත්‍යංශය යටතේ තියෙන පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාලයත් ඒකාබද්ධ කරන්න. ඒ වගේම මේ පුනරුත්ථාපන වැඩ පිළිවෙල ශක්තිමත් කරන්න. මේ ධාරිතාව විශාල වශයෙන් ඉහළ යා යුතුයි. මොකද විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා තියෙනවා. ඔවුන්ට දඬුවම් දීලා පමණක් මේක විසඳන්න හැකියාවක් නෑ. ඒ සඳහා පුනරුත්ථාපනය නැත්නම් ඔවුන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ උවදුරෙන් මුදවා ගැනීම සඳහා වැඩසටහන් කළ යුතුයි.”
ඒ අනුව මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීමේ ක්‍රියාමාර්ග මෙන්ම මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අවම කිරීමේ ක්‍රියාමාර්ග ඉතාම ශක්තිමත් කිරීමටත් පුළුල් කිරීමටත් මේ වසර තුළ කටයුතු කරන බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.
බන්ධනාගාරවල සිටින අපාරධකරුවන් අතර 72%ක්ම මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ වැරදි සම්බන්ධ පුද්ගලයින් වන අතර මෙම ප්‍රමාණය 100%ක් දක්වා වර්ධනය වුවහොත් සමාජය තුළ මහා ව්‍යසයනක් ඇති වන බවද අමාත්‍යවරයා පවසයි.
ආර්ථික වශයෙන් රට කෙතරම් දියුණු වුවද රටේ අනාගත පරපුර මෙම ව්‍යවසනයට ගොදුරු වී සිටී නම් රටක් ලෙස දියුණු වී පළක් නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
ආශිකා බ්‍රාහ්මණ
