IMF සහාය ගන්න පුලුවන් උනොත් අපිත් සහාය දෙනවා – ඔස්ට්‍රේලියානු ස්වදේශ ඇමතිගෙන් සහතිකයක් !

Date:

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා සහාය දැක්වීමට තම රජය ඉදිරිපත් වන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ’නයිල් මහත්මිය පවසා තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය මේ දිනවල මෙරට සංචාරයක නිරතව සිටින අතර ඇය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. තම රජයේ සහාය ශ්‍රී ලංකාවට හිමිවන බව ඇය එහිදී සහතික වී තිබේ.

කෙසේ නමුත් සහාය ලබා දෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රාමුව තුළ සිටිමින් බවද ඔස්ට්‍රේලියානු ඇමතිවරිය අවධාරණය කර තිබේ.

දෙරටටම බලපාන ප්‍රධාන ගැටලුවක් වන නීතිවිරෝධී සංක්‍රමණ හා මිනිස් ජාවාරම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු කෙරිණි. එහිදී ඇමතිවරිය පවසා තිබෙන්නේ නීතිවිරෝධී සංක්‍රමණ හා මිනිස් ජාවාරම සම්බන්ධයෙන් මීට පෙර පැවති කම්කරු පක්ෂ රජය අනුගමනය කළ ප්‍රතිපත්තියම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවයි.

මෙම ගැටලුවේදී නෞකා, තාක්ෂණික ඇතුළු අංශ ගණනාවකින් ඔස්ට්‍රේලියානු රජය දක්වන දායකත්වය පිළිබඳව විශේෂ ඇගයීමක් සිදුකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබෙන්නේ මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා දෙරටම මනා අවබෝධයෙන් කටයුතු කරමින් සිටින බවයි.

ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා ඔස්ට්‍රේලියානු රජයෙන් ලැබෙන දායකත්වය පිළිබඳවද දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...