ධම්මිකට එරෙහි පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි !

0
999

ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීමට එරෙහිව ගොනුකර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 5 විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

පෙත්සම් දෙවන දිනටත් සලකා බැලීම අද (21) සිදුකෙරිණි. ඒ, ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේ ය.

අවසානයේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සභාපති විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා පැවසුවේ විනිසුරු මඬුල්ලේ බහුතර එකඟතාව අනුව අදාළ පෙත්සම් සියල්ලම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන බවයි.

RN