හොඳම තේරීම් සමඟ බංගලාදේශය තරගාවලියට පිවිස සිටින බව දන්වන ජයක්

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 03, කොළඹ LNW:

කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව තුළ පැවත්වෙන තරග ආරම්භ කරමින් පකිස්තානය සහ බංගලාදේශය අතර සිඳු වූ හමුවීම නිමාවට පත් වූයේ ඉංගලාදේශයට කඩුලු 7 ක ජයග්‍රහණයක් හිමිවෙමින්ය.බංගලාදේශ කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්නී 20 හැවිරිදි මරුෆා අක්තාර් තරගයේ පළමු ඕවරය තුළදීම පකිස්තානු කඩුලු දෙකක් ඩැහැ ගනිමින් බංගලාදේශය දෙසට නැඹුරු කළ තරගය බංගලාදේශ ක්‍රීඩිකාවෝ යළිත් පකිස්තානය දෙසට හරවන්නට කිසිඳු ඉඩක් ලබා නොඳුන්හ.


රමීමී ෂමීම් (23) සහ ෆාතිමා සානා (22) පකිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූ පිතිකාරිණියෝ වූහ.තරගයේ වීරවරිය ලෙසින් ඇගයීමට සුදුසු වූ මරුෆා ඇති කළ හැරවුම් ලක්ෂය ඔස්සේ දිග්ටම පීඩනය පවත්වාගෙන ගිය බංගලාදේශ පන්දු යවන්නියන් අතර පකිස්තානු ඉණිමේ අවසානය සටහන් කළ සොර්නා අක්තාර් පකිස්තානු අවසාන කඩුලු තුනම ලකුණු 6 ට දවා ගන්නට සමත් විය.විශේෂයෙන් අනාගතයට පලදායි මේ බංගලාදේශ බලපෑම ක්‍රිකට් ලෝකය පරිස්සම් සහගතව විමසිය යුතු තත්ත්වයකි.වේග පන්දු යවන්නී 20 හැවිරිදි මරුෆා මෙන්ම පා දඟ පන්දු යවන්නී සොර්නා ද තවමත් 18 හැවිරිදි වියේ සිටින බැවින් හෙට ඔවුන් බංගලාදේශ ක්‍රිකට්වලට වඩා විශාල සේවයක් කරනු සැක නැත.


මේ සියළු බලපෑම් මත පන්දු ඕවර් 38.3 දී සියල්ල ලකුණු 129 ට දැවී ගිය පකිස්තානු කණ්ඩායමට පිළිතුරු දෙන්නට පිවිසි බංගලාදේශය වෙනුවෙන් වගකීම කරට ගත්තේ සිය පළමු ජාත්‍යන්තර එක්දින තරගය නියෝජනය කළ රුබ්යා හයිදර් ය.අලුත් පරම්පරාව මෙන්ම හොඳම තේරීම් සමඟ තරගාවලියට පිවිසි බව සහතික කරමින් බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 7 ක ජයක් කරා රැඟෙන යන්නට මූලික වූ රුබ්යා නොදැවී ලකුණු 54 ක් එක් කළේ ආරම්භක පිතිකාරිණිය ලෙස තමන්ට පැවරුණු වගකීම අකුරටම ඉටු කරමින්ය.
ලකුණු සටහන පහත දැක්වේ.
https://bit.ly/4pRgw5D

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!