මහින්දගේ වෙඩි නොවදින මෝටර් රථයත් බාරදෙයි

Date:

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් ලබාදී තිබුණු වෙඩි නොවදින මෝටර් රථය ද ඊයේ (03) දිනයේදී යළි රජයට භාරදුන් බව ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ මනෝජ් ගමගේ මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් 2015 වසරේදී මෙම වෙඩි නොවදින මෝටර් රථය සහ තවත් ජීප් රථයක් ලබාදී තිබුණු අතර එයින් වෙඩි නොවදින වාහනය අලුත්වැඩියා කටයුත්තක් සඳහා පසුගිය මාස කිහිපයක් තිස්සේම මාතර ප්‍රදේශයේ ගරාජයකට යොමුකර ඇති බවත් තවමත් එහි අලුත්වැඩියා කටයුතු අවසන්ව නොමැති බවත් වාර්තා විය. ඒ අනුව එම වෙඩි නොවන රථය භාරගන්නා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම් දී ඇති අතර අනෙක් ජීප් රථය භාරදීම සඳහා තංගල්ලේ සිට කොළඹට රැගෙනවිත් ඇති බවත් සඳහන්.

මෙම වාහන දෙකම භාරදුන් පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන්ට ගමන් කිරීමට වාහනයක් පවා නොමැති වන අතර වෙඩි නොවදින වාහනයක් නොමැති වීමෙන් ඒ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ගැටලුවක් මතුවන බවත් සඳහන්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබුණු මෙම වාහන සඳහා රියදුරන් දෙදෙනෙකු ද රජයෙන් ලබාදී තිබුණු අතර ඔක්තෝබර් 01 වනදා සිට එම පත්වීම් දෙක ද අවලංගු කර ඇති බවත් වාර්තා විය.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත කිරීමට ආණ්ඩුව කටයුතු කළ අතර හිටපු ජනාධිපතිවරුන්ට සහ ජනාධිපති වැන්දඹුවන්ට නිල නිවාස සහ වාහන ලබාදීම එයින් අත්හිටුවන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ...

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් වීමට ජපානයට කිසිදු සුදුසුකමක් නැහැ – චීනය

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් බවට...

සියළුම අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී ලැබෙයි – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : මාධ්‍ය විසින් කළ...